17 August, 2017

චාලට්ස්විල් ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු අය ට්‍රම්ප් කියයි

TITLE
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
වර්ජිනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දක්ෂිණාංශික හා වාමාංෂික ආධාරකරුවන් දෙපිරිසම වගකිව යුතු බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සුදු ජාතික අන්තවාදීන් සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවයි, ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. නිව්යෝර්ක්හිදී ඊයේ අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා වාමාංශික ආධාරකරුවන්ට ද දෝෂාරෝපණය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රමාද වූයේ ඊට අදාළ සියලු කරුණු අධ්‍යනය කිරීමට තමන්ට අවශ්‍යවූ නිසා බවයි, ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ.

චාලට්ස්විල් ප්‍රදේශයේ පැවැති අන්ත දක්ෂිණාංශික පෙළපාලියකට විරෝධය පළ කළ පුද්ගලයෙකු මෝටර් රථයක් ජනතාව අතරට ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු මිය ගියා. 19 දෙනෙකු තුවාල ලැබූ බවයි, වාර්තා වන්නේ. (රූපවාහිනි)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "චාලට්ස්විල් ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු අය ට්‍රම්ප් කියයි"

    Post a Comment