08 July, 2017

අතවර කරලා වැවේ දාලා ගිහිං - කාන්තාන්ට ලිංගික අතවර සිදු කරනා ත්‍රීරෝද රථ ජාවාරමක් ...!!!

Three Wheeler Drivers

හදිසි අවශ්‍යතා සදහා අනුරාධපුර නගරයෙන් බැහැර ප්‍රදේශවල සිට අනුරාධපුර පැමිණෙන කාන්තාවන්ට උපකාර කිරීමට ඉදිරිපත්වී ත්‍රීරෝද රථවල නංවාගෙන ගොස් සිහිසුන්කර ලිංගික අතවරයන් සිදුකරන සංවිධානත්මක කණ්ඩායමක් අනුරාධපුර ක්‍රියාත්මක බව පුවතක් වාර්තා වනවා.

කැකිරාව පොලිස්වසමේ මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි විවාහක 42 හැවරදි කාන්තාවක් මේ පිළිබදව අනාවරණය කර සිටින අතර ඇය අනුරාධපුර මූලස්ථාන පොලිසියට සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙන බවද වාර්තා වනවා.

සිද්ධියට මුහුණ දුන් තරුණ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීම සදහා මීට දින කිහිපයකට ඉහතදී අනුරාධපුර නගරයට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණපා තිබේ.

ඇය රෝහල් ගතව සිටි ඥාතියාගේ සුවදුක් විමසා කඩිනමින් අනුරාධපුර පැරණි බස් නැවතුම් පලට යමින් සිටියදී මැදි වයසේ ත්‍රීරෝද රථ රියදුරෙකු ස්වකැමත්තෙන් ඇයව බස් නැවතුමට ඇරලවීමට ඉදිරිපත්වී තිබෙන අතර ත්‍රීරෝද රථයට නැගීමෙන් අනතුරුව ඇය මේ සිදුවීමට මුහුන පා තිබේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙලිකල කාන්තාව මෙසේ පවසා සිටියා.

"මම දින කිහිපයකට ඉහතදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලිමට පැමිණියා. මම කැකිරාව ප්‍රදේශයට යන්න පැරණි බස් නැවතුම් පලට පයින් ගමන් කරමින් සිටියේ. මට බස් රථය මගහැරුනොත් නැවත යන්න බස් රථයක් නොමැති නිසා තරමක් කලඹලයෙන් මාර්ගයේ ගමන්කලා. එවිට මාර්ගයේ ගමන්කල ත්‍රීරෝද රථයක් වේගය අඩුකරලා නංගි කොහෙද යන්නේ ඇහුවා.

මම කිවුවා බස් එකට යන්නේ කියලා. එන්න මමත් ඒ පැත්තට යන්නේ සල්ලි ඕනනෑ නගින්න කිවුවා. මමත් පරක්කුවූ නිසා ත්‍රීරෝද රථයට නැග්ගා.

මිටර් කිහිපයක් දුරට යද්දී ඔහු ත්‍රීරෝද රථය තුලට යම් ස්ප්‍රේ එකක් ගහනවා වගේ දැක්කා. එච්චරයි මතක මට සිහිය නැතිවුණා.  සිහිය එද්දී මම හිටියේ අනුරාධපුර නුවර වැවේ ඔහු මට යම් අතවරයක් කරලා මාව දාලා ගිහින් තිබුණා" යනුවෙන් ඇය පවසනවා.

ඇයව නංවාගෙන ගිය ත්‍රීරෝද රථයේ ලියාපදිංචි අංකය ඇයට මතකයක් නැතිබව සදහන් කර තිබෙන අතර අනුකම්පාව උපදවන මෙවැනි පිරිස් පිළිබදව නගරයට පැමිණෙන කාන්තාවන් අවධානයෙන් කටයුතු කලයුතු බව පොලීසිය අවධාරණය කරනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අතවර කරලා වැවේ දාලා ගිහිං - කාන්තාන්ට ලිංගික අතවර සිදු කරනා ත්‍රීරෝද රථ ජාවාරමක් ...!!!"

    Post a Comment