
පසුගිය සතියේ කඹුරුපිටියේ සිදුවූ අබිරහස් සිදුවීමෙන් වික්‍රමතුංග ආරච්චි පතිරණගේ ප්‍රියන්ත, වික්‍රමතුංග ආරච්චි පතිරණගේ කෞශල්‍යා, වික්‍රමතුංග ආරච්චි පතිරණගේ හිරුණි සහ රන්සෑගොඩ මංගල හිමියන් මෙලොව හැර ගොසිනි.
අද මේ වන විට එම පවුලේ ඉතිරිව ඇත්තේ තිරිමාදුව ශ්‍රියානි (මව) සහ වැඩිමහල් පුතු රත්නපුර හංගමුව ජයබෝධි විහාරවාසි රන්සෑගොඩ සුදත්ත හිමියන් පමණි.
එම
සිදුවීමෙන් දැනට ජීවතුන් අතර ඇති මේ වන විට ආගිය අතක් නොමැති තම මෑණියන් පිළිබද යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස රන්සෑගොඩ සුදත්ත හිමියෝ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
එසේ නැතහොත් මෙම පුවත දැකිමෙන් හෝ යම් ආරංචි මාර්ගයකින් හෝ මේ පිළිබදව දැනුවත් වුවහොත් තමන් වහන්සේ අමතන ලෙසද උන්වහන්සේ තම මෑණියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරති.
තම මෑණියන් සොයා දෙන ලෙස තමන් පොලීසියෙන් විශේෂ ඉල්ලීමක් කළ බවද සුදත්ත හිමියෝ පැවැසූහ.
දුරකථන අංකය මෙසේය. 0719908947.
(ජනයුගය – 2017.07.03)
(ජනයුගය – 2017.07.03)
Share this
|
|
0 Comment to "නොමැරී බේරුණු සුදත්ත හිමි අම්මා සොයයි"
Post a Comment