03 July, 2017

ජනාධිපති ලේකම් ගෙදර යෑම සයිටම් අර්බුදයේ කොටසක්

Naveen Zoysa - GMO - 02

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා සිය තනතුරෙන් ඉවත් වීම සයිටම් අර්බුදයේම තවත් එක් කොටසක් හැටියට දැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අද(03) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් වෛද්‍ය නලින් හේරත් මහතා කියා සිටියේ සයිටම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී ගන්නා ලද තීන්දු අභිබවා යන තීරණ ඇතුළත් ලියවිල්ලක් ලේකම්වරයාගේ අත්සනින් පිටවීම ජනාධිපතිවරයා හා ලේකම්වරයා අතර පැවති ගැටළු සහගත තත්ත්වයේ ප්‍රතිඵලයක් විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙහි නිවැරදි තත්ත්වය තම සංවිධානය නොදන්නා බවත් රාජිත සේනාරත්න මහතා පවසන ආකාරයට මාධ්‍ය වෙත නිකුත් කර ඇති එම ලියවිල්ල සැක සහිත නම් රටේ ජනාධිපතිවරයාටම ඒ තුළින් අපහාස වන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. (derana)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනාධිපති ලේකම් ගෙදර යෑම සයිටම් අර්බුදයේ කොටසක්"

    Post a Comment