දරුවන් සොරකමේ ආ බව පවසමින් 42 හැවිරිදි කාන්තාවක ට්‍රැක්ටරකය බැඳ සාහසික පහරදී මරා දැමීමේ පුවතක් ඉන්දියාවෙ බටහිර බෙන්ගාලයෙන් වාර්තාවෙයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඔටෙරා බිබි නැමති මානසික ආබාධයකින් පෙලෙන කාන්තාවකි.
සිය මාපියන් සමග ජීවත් වූ ඔටේරා සිද්ධිය වූ දා නිවසින් බැහැරව අදාළ ප්‍රදේශයේ සැරිසරා ඇත.
පසුව ගම්වැසියෙකු විසින් තම දසහැවිරිදි දියණියව සොරකම් කරන්නට තැත් කළායි ඔටේරාට චෝදනා කොට තිබුණි.
පසුව කලහකාරි වූ පිරිසක් ඇයට ට්‍රැක්ටරයක බැඳ පොලු මුගුරු හා ගල්මුල් වලින් පහර දී තිබිණි.
එම අවස්ථාවේ ඇගේ ඇඳුම් ඉරා දමා හිස මුඩු
කිරීමටද මෙම ඉන්දියානුවන් පිරිස කටයුතු කොට තිබුණි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔටෙරා ඇගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න උත්සහා කළත් කුපිත වූවන් එය තේරුම් නොගත් බව සිද්ධිය දුටුවන් පවසයි.
පසුව පොලිසිය එතැනට පැමිණ සිද්ධිය සමථයකට පත්කොට තුවාල ලැබූ ඔටේරාව රෝහලකට ඇතුළත් කළත් ඇය මියගියේ ලැබූ බරපතල තුවාල නිසාවෙනි.

Share this
|
|
0 Comment to "කුපිත වූ ඉන්දියානුවන් පිරිසක් මානසික ආබාධයකින් පෙළෙන කතකගේ ඇඳුම් ඉරා පහරදී සාහසික ලෙස මරා දැමූ හැටි (Video/Photos)"
Post a Comment