20 July, 2017

"අපි කළාම ගහනවා හැබැයි සෙක්ස් වීඩියෝ වැඩිපුරම බලන රට" - සුද්දාගේ ක්‍රමය හරියනවද කියලා හිතන පියුමි (Photos)

Piumi Srinayaka - Gihan Shamith Kumara

ටෙලි නාට්‍ය නිළියක ලෙස කවුරුත් දැන හැඳිනගත් චරිතයක් වන පියුමි සිරිනායක ගීත රූප රචනාවක් නිසා මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.


වෘත්තියෙන් මොස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන පියුමි පසුගිය කාලයේ කළ ගීත රූප රචනා හරා කළ අඩනිරුවත් රංගනයන් හෙරට සමාජජාලා වෙබ් අඩවි වල දැඩි අවධානයට ලක්වනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මෙම රංගනයන් පිළිබඳව අදහස් දැකවන ඇය පවසන්නේ අඩනිරුවතින් රඟපෑ පළමුවැන්නිය ඇය නොවන බවයි. ප්‍රවීණ දක්ෂ නලු නිළියෝ පවා මෙවැනි සම්භාව්‍ය ගණයේ නිර්මාණ වලට දායක වී ඇති බව ඇය පැවසනවා. කලා නිර්මාණයකට සාධාරණයක් කරන්න කැපවීම කිරිමට සිදුවන බවත් නිරුවත් හෝ අඩනිරුවත් වී වරදක් නොමැති බවත් ඇය පවසනවා.

මේ වගේ නිර්මාණ ලංකාවට ගැලපෙනවාද යන ප්‍රශ්ණයට ඇය ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.

ලංකාව මම දකින විදියට වෙනත් දියුණු රටවලට වඩා වෙනස් රටක්. සෙක්ස් වීඩියො වැඩිපුර බලන රට ලංකාව. මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ. සියදිවි හානිකරගන්න රටවල් අතුරුන් වැඩිපුර රේටින්ස්ග් තියන රටවල් අතර අපි ඉන්නවා. අවුරුදු 5ක පොඩි දරුවන් දූෂනය කරන රට ලංකාව. වයස ගෑනු දූෂනය කරන රට ලංකාව. හරියට ලිංගික දැනුමත් නැති රටත් මම හිතන්නේ මේක වෙන්න ඕනා. කලා නිර්මාණයක් කළාම රටේ නැති ගොසිප් ගහනවා මේ රටේ. සුද්දන්ගෙන් රට බේරගෙන වසර 70 වෙලත් සුද්දා දීපු දේවල් විතරක් සුද්දට බැන බැන භුක්ති විඳින රටක් මේක. කවදාවත් රටකට අලුත් දෙයක් කරන්න ඕනා කියලා කවුරුත් හිතන්නේ නැති රටක් මේක. අනුන්ගේ වැරදි හොය හොයා අනුන් කරන දේට ගරහන රටක් මේක. ඉතින් මම හිතන්නේ හිස් මොල තියෙන රටකට සුද්දාගේ ක්‍රමය හරියනවද කියලා තමයි.

Piumi Srinayaka - Gihan Shamith Kumara - Prema hatana - 2017-07-07-16-13-54
Piumi Srinayaka - Gihan Shamith Kumara - Prema hatana - 2017-07-07_16-16-47
Piumi Srinayaka - Gihan Shamith Kumara - Prema Satana (Sada Gini Ganna)
Piumi Srinayaka - 2017-07-20-22-25-00

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""අපි කළාම ගහනවා හැබැයි සෙක්ස් වීඩියෝ වැඩිපුරම බලන රට" - සුද්දාගේ ක්‍රමය හරියනවද කියලා හිතන පියුමි (Photos)"

    Post a Comment