
අඩනිරුවත් දර්ශන වලින් පිරි මියුසික් වීඩියෝ හදන එකත් දැන් ලංකාවේ රැල්ලක් වෙලා. පහුගිය කාලේ පුරාම ඒ වගේ වීඩියෝ බොහෝ ප්‍රමාණයක් අපට දැකගන්න ලැබුණා. කොහොම වුණත් මේ වගේ වීඩියෝස් වලට සමාජයේ බොහෝ දෙනාගෙන් විවේඡන එල්ලවනවා.
අපේ සංස්කෘතියට මේ වගේ දේවල් ගැලපෙන්නේ නැහැයි කියලයි චෝදනා කරන අය කියන්නේ. ඔය අතරේ අඩ නිරුවත් දර්ශණ වලින් පිරිච්ච ප්‍රේම හටන නම් ගීතයක් ගැන පහුගිය දවස් වල අනතර්ජාලයේ බොහෝ අය කතා වුණා.
ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝවේ රඟපාපු නලුවයි නිළියයි කවුද කියලත් බොහෝ දෙනා උනන්දු වුණා. ඇත්තටම මේ දෙන්නා අඹූ සැමියන්. දෙදෙනා විවාහවෙලාත් කාලයක් වෙනවා කියලයි කියන්නේ. මේ පියුමි සහ ගිහාන් රූපවාහිනි වැඩසටහනකට එක්වී ප්‍රේම හටන ගැන දැක්වූ අදහස්.
‘‘ඇත්තටම මට සමහර වෙලාවට කළකිරෙනවා මගේ ඉන්ඩස්ට්‍රි එකේ මගේ ප්‍රේක්ෂකයන්ගේ සමහර කමෙන්ට්ස් නිසා ඒත් මම සැලෙන්නේ නෑ. ඇත්තටම මම හිතුවේ නෑ මේක රංගනයක් ලෙස නොදැක කුණුහරපයක් ලෙස දකින ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා කියලා.
මේක මගේ රංගනයක් මිසක් මගේ පෞද්ගලික ජීවිතය නෙමෙයි. සමාන්‍යයෙන් ලංකාවේ හැම නිර්මාණයක්ම එකම දේ කරනවා නැත්නම් ඉන්දියාවේ කොපියක් ගෙනල්ලා මෙහෙ කරනවා. ඉතිං මම හිතුවා එකම තැන පල්වෙන්නේ නැතුව අපේ ඉන්ඩස්ට්‍රි එක ඉන්ටර්නැෂන්ල් ලෙවල් එකට නැතිනම් බොලිවුඩ් හොලිවුඩ් ලෙවල් එකට ගෙනිච්චොත් හොඳයි කියලා. ඉතිං මං හිතුවේ මේ නිර්මාණයෙන් යම්තාක් දුරකට ඉන්ටර්නැෂනල් ලෙවල් එක ආක්‍රමණය කරන්න පුලුවන් වෙයි කියලා."
"මේ සින්දුවේ මාත් එක්ක ඇක්ට් කළේ මගේ ආදරණීය සැමියා. එකම ෆීල්ඩ් එකේ නිසා දැන හඳුනාගෙන මැරි කලේ. එයාගේ නම ගිහාන් ෂමිත්. මගේ ඩිරෙක්ටර් තමයි කිව්වේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඔය දෙන්නම ලස්සනයි ඔය දෙන්නගෙම ෆිගර් ෂේප් එක ලස්සනයි. කියන්න අඩුවක් නැහැ ඒක නිසා ඔය දෙන්නම ඇක්ටින් පැත්තෙනුත් සුපර්බ්. ඒක නිසා ඔයාගේ හස්බන්ඩ්වම තොරගත්තොත් කම්ෆටර්බල් එක හොඳට තියෙයි. ඒ නිසා රංගනය ලස්සන එළියට එයි කියලාග මමත් පිලිගත්තා ඒ නිසා හස්බන්ඩ්වම තෝරගත්තා."
"ඇත්තටම සතුටුයි නිර්මාණට සහභාගවී වීම ගැන. ඒ වගේම බිරිඳත් එක්ක මේ දේ කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුවෙනවා. කිසිම චකිතයක් ඇති වුනේ නෑ බිරිදත් එක්ක රඟපාන්න. වෙනත් නිළියක් එක්ක වඩා හොඳට රඟපාන්න පුලුවන් වුණා. ප්‍රතිචාර නම් ඉතිං. . බහුතරයම විවේඡනය කරනවා හොඳ ප්‍රතිචාරත් තියනවා. නරක ප්‍රතිචාරත් තියනවා. ෆේස්බුක් එකෙත් බැනලා තිබ්බා. තව හොඳ නිර්මාණයක් ලැබුනොත් අපි දෙන්නා ඒක කරනවා. අපි දැනට තවත් නිර්මාණයක් කරලා තියනවා . ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී ඒක බලාගන්න පුලුවන් වේවි."





Libre", "Open Sans", "Times New Roman", Georgia, serif; font-size: 17px; margin-left: -1em; margin-right: 0px; text-align: justify;" width="400">










Piumi Srinayaka - Gihan Shamith Kumara - Prema Satana pics - FB










Piumi Srinayaka - Gihan Shamith Kumara - Prema Satana pics - FB
Share this
|
|
0 Comment to "‘ඇත්තටම ලංකාවේ ප්‍රේක්ෂකයන් ගැන කළකිරෙනවා‘ - ප්‍රේම හටනේ අඩ නිරුවත් වූ අඹු සැමි යුවළ කතා කරයි (Video/Photo)"
Post a Comment