ශ්රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් රැසකගේ පෞද්ගලික කළමනාකරු ලෙස ක්‍රියාකරන චාලි ඔස්ටින් නැමති පුද්ගලයෙකු පිළිබඳ මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.
මෙම විදෙස් කළමනාකරු සිම්බාබ්වේ සමග පැවති දෙවන එක්දින තරගයේ වීරයා වූ ලක්ෂාන් සඳකැන්, එම තරගයෙන් ඉවත් කිරීමේ උත්සහයක නිරත වූ බවට ‘නෙත් ස්පෝර්ට්ස්මන්‘ කරුණු අනාවරණ කිරීමත් සමග ඔහු පිළිබඳ මෙරට බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුවුණා.
ජාතික ක‍්‍රිකට් කණ්ඩායම තේරීමේ දී දිගින් දිගටම මෙම විදෙස් කළමනාකරු බලපෑම් සිදු කරන බව අනාවරණ වී ඇති අතර, අදාළ කළමණාකරුගේ සේවය ලබාගන්නා කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකු වත්මන් කණ්ඩායමේ සිටීම නිසා එම කී‍්‍රඩකයින් සහභාගි වන සෑම තරගයකදී ලැබෙන මුදලින් සියයට 10ක කොටසක් මෙම විදෙස් කළමණාකරුට හිමි වන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ පෞද්ගලික කළමනාකරුවන් පිළිබඳ වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස ක‍්‍රිඩා අමාත්‍යංශය මේ වන විට ක‍්‍රිකට් ආයතනයට ලිපියකින් දන්වා තිබෙනවා. ඒ, මේ දිනවල කතා බහට ලක්ව
ඇති පෞද්ගලික විදෙස් කළමනාකරුවෙකු සිය සේවය සපයන ක‍්‍රීඩකයින් හරහා ජාතික කණ්ඩායම තේරීමේ දී ද බලපෑම් එල්ල කරන බවට පළ වූ වාර්තා හේතුවෙන්.
මෙම කළමණාකරුගේ සේවය ලබාගන්නා ක්‍රීඩකයින් පිළිබඳ වාර්තාවක්ද අප වෙත ලැබුණා. ඒ අනුව මෙවර සිම්බාබ්වේ තරඟාවලියට සහභාගි වන සංචිතයේ සිටින ක්‍රීඩකයින් 12 දෙනෙකුගේ කළමණාකරු ලෙස කටයුතු කරන බවට අණාවාරණය වුණා.
ඒ අතර ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සීකුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන්ගේ කළමණාකරු ලෙස මොහු කටයුතු කරනවා.
හිටපු නායකයින් දෙපළක් වූ කුමාර් සංගක්කාරගේ හා මහේල ජයවර්ධනගේද කළමණාකරු ලෙස මොහු කටයුතු කොට තිබුණා.
එම ලැයිස්තුව පහතින්.

(neth)
Share this
|
|
0 Comment to "‘චාලි ඔස්ටින්ගේ‘ සේවය ලබාගන්නා ක්‍රීඩකයෝ කවුද? සියල්ල හෙළිවෙයි - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න (Photos)"
Post a Comment