03 July, 2017

උදේ 5ට නැගිටලා රෑ 11ට නින්දට යන හිටපු ජනපතිගෙ දවස ගෙවෙන හැටි මෙන්න

Mahinda Rajapaksa day routing

මෙරට දේශපාලනයේ වැඩිම ජන ප්‍රසාදයක් හිමිකරගත් නායකයා මහින්ද රාජපක්ෂ යැයි කිවහොත් එය මුසාවක් නොවේ. විපක්ෂ ක්‍රියාකාරිකයෙකු, වෘත්තීය සමිති නියමුවෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, විපක්ෂ නායකයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු වී ඉන්පසුව රටේ පස්වැනි විධායක ජනපති ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව තවමත් දේශපාලනයේ නිරත මෙම සුවිශේෂි චරිතය දවසේ පැය 24 ගෙවනා සැටි දැනගැනීම ඔබට අපූරු අත්දැකීමක් වනවාට සැක නැත.

ඒ පිළිබඳ වූ දීර්ඝ ලිපියක් මෙවර සතිඅන්ත ප්‍රධාන පුවත්පතක පළවී තිබිණ. එහි සාරාංශගත කොටස් කිහිපයක් ඔබ හමුවේ තැබීමට නෙත් ගොසිප් අප කල්පනා කළෙමු. . .

මහින්ද රාජපක්ෂ මහතා අවදිවන්නේ උදේ 5ත් - 5. 30ත් අතර කාලයේය. උදෑසන 5. 30 සිට 7. 30 දක්වා පැය දෙකක කාලයක් ඔහු ව්‍යායාම් වල නිරත වෙයි. ලෝකයේ කොහේ සිටියද දිනපතා මෙම කටයුතු අනිවාර්යෙන්ම සිදු කිරීමට ඔහු වගබලා ගනී.

මේසේ ව්‍යායම් වල නිරතවන ඒ මහතා ඒ අතරතුරුතවත් කාර්යයක් අනිවාර්යෙන්ම සිදුකරයි. ඒ එදින උපන්දින සමරන හිතවතුන්ට දේශපලනඥයන්ට කතාකර සුභ පැතීමයි. බොහෝ විට ඔවුන්ට සුභපතා ලැබෙන පළමු දුරකථන ඇමතුම රාජපක්ෂ මහතාගෙනි.

ව්‍යායාම් වලින් අනතුර ඔහු කොළ කැඳ කෝප්පයක් පානය කරයි. ඉන්පසුව මුහුණ සෝදා පිරිසිදු වීමෙන් අනතුරුව බුඳුන් වැඳීමද ඒ මහතා අනිවාර්යෙන්ම සිදුකරයි.

උදෑසන 8ට පමණ උදෑසන ආහාරය ගන්නා රාජපක්ෂ මහතා රතුකැකුළු බත් හෝ ධණ්‍ය වර්ග උදෑසන අහාරයට ගැනීමට ප්‍රියතාවක් දක්වයි. රතු කැකුලු බත් සමග පොල් සම්බෝල උදෑසන ආහාරයට ගැනීමට රාජපක්ෂ මහතා විශේෂ ප්‍රියතාවක් දක්වයි.

උදෑසන ආහාරයෙන් පසු නිල නිවසෙහි කාර්යාලයට පිවිසෙනරාජපක්ෂ මහතා දිනපතා පුවත්පත් නොවරදවාම කියවයි. තමන්ට ලැබී ඇති ලියුම් හා මහජන ඉල්ලීම් කියවන ඒ මහතා ඒවාට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්ය මන්ඩළයට දැනුම් දෙයි. අනතුරුව තමන් හමුවීමට පැමිණ සිටින පිරිස් හමුවන ඒ මහතා ඔවුන්ගේ යොජනා ඉල්ලීම් ගැටලු යනාදියට සවන්දෙයි. එදින නියමිත වැඩසටහන් ලැයිස්තුවේ ප්‍රමුඛතම කාර්යයන් මොනවාදැයි තීරණය කරන්නේද ඔහුමය.

විශේෂ වැඩකටයුත්තක් නොමැති දිනයන්හිදී දිවා අහාරයෙන් පසු දහවල් 2ට පමණ කෙටි නින්දක් ලබාගැනීම රාජපක්ෂ මහතාගේ සිරිතයි.

දිවා අහාරයටද රතු කැකුලුබත් සමග එළවලු වාර්ග දෙක තුනකින් සමන්විත සරළ ආහාර වේලකට ඔහු ප්‍රියකරයි. කොස් පොලොස් කොහිල අල දලු කිරි හොදි ලූණු මිරිස් කුරහන් පිට්ටු කුරහන් තලප ආදියටද ඔහු විශේෂ ප්‍රියතාවක්දක්වයි.

රාත්‍රී 8. 30 පමණ රාත්‍රී ආහාරය ලාබගන්නා රාජපක්ෂ මහතා රාත්‍රීයේ රූපවාහිනි නාලිකා වල ප්‍රවෘත්ති විකාශයන් නැරඹීද අනිවාර්යෙන් සිදුකරයි. අනතුරුව රාත්‍රී 10. 30ත් 11 ත් අතර කාලයේ ඒ මහතා නින්දට යයි.

කෙතරම් කාර්යබහුල වුවුත් පවුලේ සාමාජිකයන් සමග එකට හිද ආහාර වේලකවත් භුක්ති විඳිමට මහින්ද රාජපක්ෂ මහතා අමතක නොකරයි. බොහෝ විට පවුලේ තොරතුරු කතාබහ කෙරෙන්නේ කෑම මේසයේදීය.

වාහනයෙන් දුර බැහැර ගමන් යන විට ලැබෙන විවේකයේදී හෝ නිවසේ හෝ විවේකයක් ලැබුණ විට පොතපත කියවීමද ඒ මහතාගේ පුරුද්දකි. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ රණමග ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය මුලුමනින්ම කියවා අවසන් කිරීමට ඔහුට හැකිවිය. මේ දිනවල ඔහු කියවන්නේ ජාත්‍යන්තර දේශපාලනය අදාළ පොත පතය.

තවද වාහනයේ ගමන් කරන විට සංගීතය ශ්‍රවණය කිරීමටද ඒ මහතා කැමතිය. වාහනයේ ගමන් කරන සිදු ටෙලි නාට්‍යයේ පටිගත කරන ලද කොටස් නැරඹීමද රාජපක්ෂ මහතාගේ කැමැත්තකි. ඔහු අවසන් වරට සිනාමා ශාලවකට ගොද් නැරඹූ චිත්‍රපටය වන්නේ මහරජ ගැමුණුය.

තවද මහින්ද රාජපක්ෂ මහතා සතියට දෙදිනක් යෝගා ව්‍යායාම්වල නිරත වීම අනිවාර්යය. එමෙන්ම අවදි වූ මොහොතේ සිට උදෑසන 9දක්වා කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ දින චර්යාව කොහේ සිටියද වෙනස් නොවේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උදේ 5ට නැගිටලා රෑ 11ට නින්දට යන හිටපු ජනපතිගෙ දවස ගෙවෙන හැටි මෙන්න"

    Post a Comment