21 July, 2017

හර්ෂණයි වොල්ගයි ව්‍යාපාරයකට අතගහලා

Hrshana - Volga - 2017-07-21_21-56-44

හර්ෂණයි වොල්ගයි එකතුවෙලා අලුත් වැඩකට අත ගැහුවානේ. මුලින්ම ඒ ගැන කියමු?

මමයි වොල්ගයි එකතු වෙලා අලුතින් Music Video Production එකක් පටන් ගත්තා Volanro කියලා. මොකද මට මේ සම්බන්ධයෙන් හුඟාක් අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක්ක මට මේ ව්‍යාපාරය හුඟාක් හොඳට කරගෙන යන්න පුළුවන් කියලා හිතනවා. අපෙන් මියුසික් වීඩියෝවක් කරගන්න අවශ්‍ය අයට අපි හොඳ සේවාවක් සපයන්න බලාපොරොත්තු වෙනවා.

මේක හදිසියේම පටන් ගත්ත ව්‍යාපාරයක්ද නැත්නම් කාලයක් ඉඳලා සැලසුම් කරගෙන හිටපු ව්‍යාපාරයක්ද?

විවාහ වෙන්නත් කලින් ඉඳලම මම මේ ගැන සැලසුම් කරගෙන හිටියා. හදිසියේම පටන් ගත්ත දෙයක් නම් නෙමෙයි. සැලසුම්සහගතව මේ වැඩේ පටන් ගත්තේ.

හර්ෂණ හීන දැක්කෙ රංගන ශිල්පියෙක් වෙන්නද ව්‍යාපාරිකයෙක් වෙන්නද?

මම ඇත්තටම හීන දැක්කෙ රංගන ශිල්පියෙක් වෙන්න. අනික මම මුල ඉඳන්ම රංගනය හදාරලත් තියෙනවා.

එතකොට රංගනය පැත්තකින් තියලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ ඇයි?

රංගනය සාමාන්‍යයෙන් තෘප්තිය වෙනුවෙන් කරන දෙයක්. ඒත් එක්කම ව්‍යාපාරයක් කරන එකත් හොඳයි කියලා හිතුණා.

රංගන අවස්ථා අඩු නිසාද ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ?

නැහැ. රංගන අවස්ථා තියෙනවා. අනිත් එක මගේ ගාණට ආවොත් තමයි මම වැඩක් භාර ගන්නෙ. මම මගේ හැකියාවන් අඩුවට විකුණන්න කැමති නැහැ.

රංගන ශිල්පීන් ට්‍රෙන්ඩ් එකටත් ව්‍යාපාර, ආරම්භ කරනවා. ඔබත් එහෙමද?

මම Trend එකට වැඩ කරන කෙනෙක් නෙමෙයි. එහෙම කළා නම් මේ වගේ දෙයක් පටන් ගන්නෙ නැහැ. මොකද මේ කාලේ තියෙන්නෙ වෙනමම ට්‍රෙන්ඩ් එකක්නෙ. එහෙම ට්‍රෙන්ඩ් එකට කරනවා නම් අද කාලෙ ඊපඥදඤ එකට ගැළපෙන දෙයක් කරනවා. මට ඕන වුණේ මට පුළුවන් දෙයින් යමක් කරන්න.

එතකොට වැඩිපුර රංගනයෙන් පේන්න නැත්තෙ ගණන් උස්සන නිසාද?

වැඩක් ලැබුණොත් මම ගාණ ගැනත් හිතනවා. ගණන් උස්සනවම නෙවෙයි. අපේ වටිනාකමට වැඩ කරන්න ඕන. අනෙක ව්‍යාපාරයේ වැඩත් එක්ක රංගන කටයුතුවලට කාලය මදිකමකුත් තියෙනවා.

ව්‍යාපාර කටයුතු නිසා රංගන කටයුතු මඟහැරගන්න එකක් නැද්ද?

රංගනය අත්හරින්නෙත් නැහැ. හැම දෙයක්ම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. අපිට තෘප්තිය වෙනුවෙන් කරන කලා කටයුතු එක්ක අපේ අලුත් ව්‍යාපාරයත් සාර්ථකව කරගෙන යන්න පුළුවන්.

ලංකාවෙ රංගන ශිල්පියෙක් විතරක් වෙලා ජීවත් වෙන්න අමාරුද?

එහෙම ජීවත් වෙන අයත් ඉන්නවා. හැබැයි මම එහෙම නැහැ. මම රංගනයෙන් විතරක් ජීවත් වෙන්නෙ නැහැ. මගේ හැකියාවන් ප්‍රයෝජනයට අරගෙන අලුත් දෙයක් කරන්න මම කැමැතියි.

දැන් තමන්ගෙම ප්‍රඩක්ෂන් එකක් තියෙන නිසා මියුසික් වීඩියෝවල වැඩිපුර පේන්න ඉදියිද?

මට මියුසික් වීඩියෝවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. නමුත් මම මගේ ප්‍රඩක්ෂන් එක හරහා කරන මියුසික් වීඩියෝවලට තමයි සම්බන්ධ වෙන්නේ. අනෙක් වැඩවලට සම්බන්ධ වෙන්න මට කාලය හොයා ගන්න අමාරු වෙයි.

අලුතින් සම්බන්ධ වෙන වැඩ මොනවද කියලත් කියමු?

ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගෙ හිරු වියන සහ රවීන්ද්‍ර විජේරත්න මහත්මයාගෙ සූරිය නෑයෝ කියන නාට්‍ය දෙකට තමයි මේ දවස්වල සම්බන්ධ වෙන්නේ.

ලක්ෂිකා දිව්‍යාංජලී (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හර්ෂණයි වොල්ගයි ව්‍යාපාරයකට අතගහලා "

    Post a Comment