16 July, 2017

මොරටු සරසවියේ සුනඛයින් හිංහසනයට ලක්වන අයුරු කැමරාවක (Video)

Dog Hyskus Moratuwa Uni

මිනිසාගේ ළඟම මිතුරා බල්ලා කියලා කියමක් තියෙනවා. ඒ තරමට මිනිස්සුන්ට සමීප සත්ව කොට්ඨාසයක් තමයි බල්ලා. මනුස්සයෙකුට කොයි තරම් දේවල් කළත් එක වරදක් වුණොත් අමතක වෙනවා කියලත් බල්ලෙකුට එක පාරක් කන්න දුන්නොත් ඒක ජීවිතේ තියෙනකං ඌට මතක තියෙනවා කියලත් කතාවක් තියෙනවා.

අපි මේ විදිහට කතා කරන්න හිතුවේ මිනිස් වෙස් ගත් අමනුස්සයන් පිරිසක් විසින් සිදුකරපුු වැඩක් මුහුණුපොත පුරා හුවමාරු වෙමින් තිබෙන නිසා.මේ කතාව අහන්න ලැබුණේ මොරටුව සරසවියේ.මොරටු කැම්පස් එකේ නිදහසේ හිටපු බලලන් අමානුෂික විදිහට අල්ලන්න කරපු පහත් ක්‍රියාවකුයි එහි තිබෙන්නේ.

බෙහෙතක් විඳලා ලොකු වේදනාවකින් හැමතැනම වැටි වැටී ඇඟට පණක් නැතිව මේ බල්ලා වේදනාවෙන් ලතෝනි දෙනවා. හදවත් කම්පා කරන මේ සිද්ධිය ගැන සත්ව අයිතීන් සුරැකීමේ බලකාය නම් සංවිධානයක් විසින් හොයලා බලන්න මොරටුව සරසවියට ගියත් මේ වැඩේ කරන්නේ කවුද, මේ සත්තු අරන් යන්නේ කොහෙටද කියන එක එතන ආරක්ෂක අංශයේ කවුරුත් දැනගෙන ඉඳලා නෑ.

කොහොම වුණත් ජපුර, වගේම කලුබෝවිලත් මේ විදිහටම සිද්ධි ඇතිවුණා කියලයි ඔවුන් අපිට කිව්වේ. සතෙකුට මේ විදිහට හිංසා කරන එක කිසිම විදිහකින් අනුමත කරන්න බෑ. හිතකට දුකක් වේදනාවක් දැනෙන කෙනෙකුටනම් වේ විදිහේ පහත් වැඩක් කරන්න බැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ දෙයක් නෙවෙයි.

මෙම සිද්ධියට සම්බන්ධ වීඩියෝ තුනක් සරසවි සිසුවියක් සිය මුහුණුපොතට එක්කර තිබුණත් පසුව එය ඉවත්කර තිබුණා. ඉන් පසුවයි පරිසරය සුරැකීමේ බලකායට මෙම වීඩියෝව ලබාදී ඇය කියා තිබෙන්නේ තමන්නට ප්‍රශ්නයක් ඇතිවුවහොත් මෙම වීඩියෝව සිය මුහුණුපොතෙන් ඉවත් කරන බවයි.

අදාල සිදුවීම පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මොරටු සරසවියේ සුනඛයින් හිංහසනයට ලක්වන අයුරු කැමරාවක (Video)"

    Post a Comment