16 July, 2017

"සමහර පිරිමි අපට හොඳට වධ දෙනවා" - දරුගැබේ මාස ගානට ගනන් වැඩි වෙන ගැබිනි ගණිකාවන්

Pregnent Prostitiutes

සල්ලි නිසා මිනිස්සු කරන සමහර දේවල් අහන්නත් පුදුමයි. අපි එහෙම කියන්නේ සමහරු සල්ලි නිසා වැරදි පාරේ ගිහින් ජීවිත අකාලයේ විනාශ කරගන්නවා.



ඒත් අසරණකම නිසා සමහරු නොවිදිනා දුක් වින්දත් ඒවා අනුමත කරන්න බැරි මොන හේතුවක් නිසා කළත් වරද වරදම නිසයි.

අපි මේ කියන්න යන්නෙත් ගණිකා ජාවාරමක් ගැන අහන්න ලැබුණු පුවතක්. වීදි ගණිකාවන් වගේම දුරකථන, අන්තර්ජාලය ආදී විවිධ ආකාර ඔස්සේ අපේ රටෙත් ගණිකා ජාවාරම සරුවටම සිද්ධ වෙනවා.
මේ සමාජ විද්‍යා පරීක්ෂකයෙකු විසින් සිදුකළ සමීක්ෂණයක තොරතුරු කිහිපයකි.

එහි දැක්වෙන්නේ ගැබිණි කාන්තාවන් ගණිකාවන් විදිහට කටයුතු කිරීම ගැනයි. ගැබිණි කාන්තාවන් වැඩි වශයෙන් සේවයේ නිරත වන්නේ රාජගිරිය, මරදාන, වැල්ලවත්ත හා ගල්කිස්ස ආදී ප්‍රදේශවල බව එහි දැක්වෙනවා.

මෙහිදී ගැබේ කාලය අනුව ගණිකාවන්ගේ මුදල තීරණය වන බවයි සඳහන් වන්නේ. ගැබට මාස දෙකක් හෝ තුනක් හා මාස 4 සහ 6 හෝ මාස 7 හා 8 ආදී වශයෙන් වර්ගීකරණය කරමින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවයි එම සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ.

මේ සඳහා අදාල ගැබ් ගත් තරුණියගේ රූපය සහ ගැබ්ගත් කාලය අනුව 15,000 ත් 20000 ත් අතර මුදලක්ද මාස 5 හෝ 6 ඉක්මවූ ගැබිණියක් සඳහා 20000 ත් 25000 ත් අතර මිලක් නියම වන බවයි එහි දැක්වෙන්නේ.
තවද මාස 7-8 ගතවූ ගැබිණි කාන්තාවක් සඳහා 35,000 කට ආසන්න මුදලක් ලබාදෙන බවත් එහි සඳහන්.

“චූටි පුතා මත්ද්‍රව්‍යවල හුරුවූ පුද්ගලයෙක්. ගණිකා වෘත්තිය පවත්වාගෙන යන ස්ථාන ගැන ඔහු දන්නවා. ගණිකාවන් අවශ්‍ය ස්ථානවලට මොහු විසින් යොමු කරන බවත් අදාල කාන්තාවන් ගණිකාවන් වී ඇත්තේ ගණිකා වෘත්තිය නිසාම නොවන බවත් අනාවරණය වී තිබෙනවා.

කුසේ සිටින දරුවා ගැන නොසිතා මුදල් අවශ්‍යතා නිසා කාන්තාවන් ගණිකා වෘත්තියේ නිරත වන බවයි පැවසෙන්නේ.

“සමහර පිරිමි අපට හොඳට වධ දෙනවා. ඒත් සල්ලි ගැන හිතලා ඉවසගන ඉන්නවා. නොමැරී ජීවත් වෙන වාර අනන්තයි.”ඒ එවන් ගණිකාවකගේ අදෝනාවකි.

කෙසේ වෙතත් යහමින් මුදල් උපයන මෙම කාන්තාවන් කුසට මාස 5 ක් හයක් ගිය පසු හිතාමතාම දරු ගැබ ගබ්සා කරගන්නා බවත් තොරතුරුවලින් හෙළිව තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""සමහර පිරිමි අපට හොඳට වධ දෙනවා" - දරුගැබේ මාස ගානට ගනන් වැඩි වෙන ගැබිනි ගණිකාවන්"

    Post a Comment