27 July, 2017

වෛද්‍යවරයාට පිහියෙන් ඇනපු තරුණයා 31දා තෙක් යළි රිමාන්ඩ්

Doctor stabbed by patient

නවලෝක රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකළ මානසික රෝගී තරුණයා ජූලි 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග
කළාය.

විත්තිකාර තරුණයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව මානසික රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව ඇප ලබා දීමේ හැකියාව පවතින බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

ඔහු ඉතාම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයකු බවට විත්තිකාර තරුණයාගේ මව විසින්ද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කර තිබිණි. විත්තිකරු පැපිලියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නඩුව ජූලි 31 වැනිදා කැඳවීමට නියමිතය. (අමිල අබේරත්න - මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වෛද්‍යවරයාට පිහියෙන් ඇනපු තරුණයා 31දා තෙක් යළි රිමාන්ඩ්"

    Post a Comment