ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය නිම වී ඒ පිළිබදව විවිධ අදහස් දැක්වෙන යුගයක ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් එකම ස්ථානයක එකම ආකාරයට මියගියේ කෙසේ දැයි අදාළ පාර්ශ්වයන් රටට අනාවරණය කළ යුතු යැයි මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ පවසති.
අනුනායක හිමියන් මෙම අදහස් දක්වා තිබුනේ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 25 වැනි ගුණානුස්මරණ වැඩසටහනේදීය.
එහිදි අදහස් දැක්වූ උන්වහන්සේ පවසා සිටියේ කොබ්බැකඩුව විරුවා අරාලිතුඩුවට මෙහෙයුමට ගිය ආකාරයත් අනතුරෙන් පසුව එතුමාට ප්‍රතිකාර ලබා දීම ප්‍රමාද වීම පිළිබඳවත් වැනි ප්‍රශ්න රාශියක් ශ්‍රී ලාංකිකයන්ට තිබූ බවත් මෙම විරුවන්ට සිදුවූ දේ අදටත් අබිරහස් ලෙසම පවතින බවත්ය.
උන්වහන්සේ තවදුරටත් අදහස් දැක්වූ අතර එම අදහස් පහතින්
.!
"වර්තමානය වන විට එදා යුද්ධයට දායක වුණු පිරිසට විවිධ ආකාරයේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදු වෙලා තිබෙනවා. එවැනි වාතාවරණයක් තුළ මෙවැනි වටිනා යුද නායකයෙක් මිය ගියේ කෙසේ දැයි සොයා බැලිය යුතුමයි.
කොබ්බෑකඩුව පරපුර මේ රට ඉතා විශිෂ්ට පරපුරක්. ඔවුන් මේ රටේ නමක් දිනා ගත්තේ ඔවුන් කරන ලද ක්‍රියාවන් හේතුවෙන්. එම පරපුරේ අයකු වන ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව මැතිතුමා අධිෂ්ඨානශීලී ධෛර්යවන්ත වීර චරිතයක්. එතුමාගේ මහත්මා ගති ගුණ හේතුවෙන් හමුදාවේ සියලු සෙබළ දරුවන් එතුමන්ට ගෞරව කළා. එසේම එතුමන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ එවකට ඔවුන් තුළ ලොකු විශ්වාසයක් තිබුණා"
කොබ්බෑකඩුව විරුවාගේ යුද සේවය ඉතා කෙටි කලකට සීමා වුවත් යුද හමුදාවේ ගෞරවයත් රටේ අභිමානයත් රැක දීමට එතුමා කැපවීමෙන් කටයුතු කළ බව පැවැසූ උන්වහන්සේ කියා සිටියේ එදා එතුමන්ගේ සැලසුම් අභිමථාර්ථ ඉෂ්ට කර ගැනීම විවිධ වූ හේතු කාරණා නිසා දුෂ්කර වූ බවත් ඒ අතර ජාත්‍යන්තර බලපෑම් ද තිබූ බවත්ය. . වඩමාරච්චි සටන සමයේ එම බාධාවන් සිදුවූ බවත් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේය.

Share this
|
|
0 Comment to ""මහවිරු ඩෙන්සිල් කොබ්බෑකඩුව මියගිය හැටි රටට හෙළි කරන්න" - මල්වතු අනුනායක හිමියන්ගෙන් ප්‍රකාශයක්"
Post a Comment