28 July, 2017

ගසකින් වැටී, ගෙල සිරවී දරුවෙකු මරුට

boy dies after falling from a tree

ගසකින් ඇදවැටී ගස් දෙබලක ගෙල සිරවීමෙන් වයස අවුරුදු 9 ක දරුවෙකු මියගොස් තිබෙනවා.

කහටගස්දිගිලිය රන්පත්විල ඇල්ලවැව ගම්මානයේ විසූ දෙනෙත් ඉඳුවර නමැති 9 හැවිරිදි දරුවෙකුයි මේ අවාසනාවන්ත ඉරණමට ලක්ව තිබෙන්නේ.

ඔහු රන්පත්විල ඇල්ලවැව විද්‍යාලයේ 4 වැනි ශ්‍රේයේ ඉගෙනුම ලබමින් සිටියා.

මේ දරුවා මිය ගොස් තිබුනේ පේර ගසක ගෙඩි කඩන්නට යාමේදී ලිස්සා ගොස් ගසෙන් වැටී ගසේ අතු දෙකක් අතර කොටසක ඔහුගේ ගෙල සිරවී තිබුණා.

මේ දරුවා පාසල් ඇරී නිවසට ආ පසුව පුරුද්දක් වශයෙන් ගෙවත්තේ ඇවිදිමින් ගෙඩා කඩා කෑම සිදු කරන අතර ඔහුගේ මව්පියන් දිවා කාලයේ හේනේ වැඩට යන අයයි.

මේ දරුවා ඔහු තනිව පේර ගසක නැග ගෙඩි කඩන්නට ගිය අවස්ථාවේ මේ අනතුර සිදුව තිබුණා.

දරුවා අනතුරට ලක්ව සිටිනු නිවැසියන් දැනගෙන ඇත්තේ ටික වේලාවකට පසුවයි.

ඔහුව වහාම කහටගස්දිගිලිය රෝහලට පසුව ඔහු ඇතුළත් කළද ඒ අවස්ථාව වනවිටත් මියගොස් තිබුණා. (ජනයුගය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගසකින් වැටී, ගෙල සිරවී දරුවෙකු මරුට"

    Post a Comment