28 July, 2017

කෝලිගෙනුත් පහත් වැඩක් - බෝලේ අහුලන්න ආපු ළමයෙකුට කරපු දේ (Video)

Virat Kohli lower work

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ක්‍රිකට් තරඟය අතරතුර ක්‍රීඩක විවේකාගාරය තුල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ පන්දු යැවීමේ විලාශය හෑල්ලුවට ලක්කරමින් අනුකරණය කරන අයුරු දැක්වෙන් වීඩියෝවක් අප ගෙන ආවා.

සබැඳ - පහත් ගතිය ලෝකෙටම පෙන්නමින් ජඩේජා දිල්රුවන්ට අපහාස කළ හැටි කැමරාවක සටහන් වෙයි

එහි උණුසුම මැකී යෑමටත් පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි විසින් සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවූ වීඩියෝවකට මේවනවිට බොහෝ දෙනා අප්‍රසාදය පලකොට තිබෙනවා.

එහි දැක්වෙන්නේ හතරේ සීමාව පහුකරමින් එන පන්දුව රැකගැනීමට කුඩා ළමයෙක් පැමිණියත් විරාත් කෝලි විසින් ඔහුව ගණන් නොගෙන පන්දුවට පයින් ගසන ආකාරයයි.

මෙම සිදුවීම ඊයේ දිනයේ (27) පැවැත්වූ ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුරදී සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අප ජඩේජා පිළිබඳ වාර්තා කිරීමේදී ඉන්දියානුවන්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ඉන්දීය ක්‍රිකට් නායකයින් ගැන යම් මයත් පල කලා.

එය ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාව තුලම සනාථවීම අපගේ මහත තවත් තහවුරු කිරීමට හේතු සාධක වනු අතැයි අප විශාවාස කරන්නේමු.

අදාළ වීඩියෝව පහතින්.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෝලිගෙනුත් පහත් වැඩක් - බෝලේ අහුලන්න ආපු ළමයෙකුට කරපු දේ (Video)"

    Post a Comment