18 June, 2017

සිම්බාබ්වේ සමඟ එක්දින තරඟාවලියේදී වසර 17කට පසුව ලංකාවෙන් වෙනසක්

sri lanka vs zimbabwe Cricket

චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟාවලිය මෙම මස 30 වනදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරඟයෙන් ඇරඹේ.

තරඟාවලියට එක්දින තරඟ 5ක් සහ එක ටෙස්ට් තරඟයක් ඇතුලත් වන අතර තරඟාවලියේ එක්දින තරඟ 5 පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී සහ හමබන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.

මෙම තරඟාවලියේ පළමු තරඟයසහ දෙවන තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අවසන් එක්දින තරඟය පැවත්වී මේ වන විට වසර 17 කට ආසන්නය.

අවසන් වරට ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවති එක්දින තරඟයේදී ශ්‍රී ලංකාව තරඟ වැදී ඇත්තේ දකුණු අප්‍රිකාව සමඟිනි.අනෙක් විශේෂ කරුණ නම් තරඟාවලියේ එක්දින තරඟ සියල්ල කොළඹින් බැහැරව පැවැත්වෙන අතර එකම ටෙස්ට් තරඟය සීමිත ඕවර් තරඟ සඳහා නම් දරා ඇති ඛෙත්තාරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ.

Zimbabwe tour schedule

  • June 30: 1st ODI, Galle
  • July 2: 2nd ODI, Galle
  • July 6: 3rd ODI, Hambantota
  • July 8: 4th ODI, Hambantota
  • July 10: 5th ODI, Hambantota
  • July 14-18: Only Test, Colombo (RPS)

(cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිම්බාබ්වේ සමඟ එක්දින තරඟාවලියේදී වසර 17කට පසුව ලංකාවෙන් වෙනසක්"

    Post a Comment