04 June, 2017

වෙඩිසිංහගේ මරණය ඝාතනයක් බවට සැකයක් (Video)

Ananda Wedisinghe has passed

යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ මරණය සැක සහිත බවත්, හිතාමතාම ඔහු අනතුරට පත් කර ඇති බවත් වෙඩිසිංහගේ සහෝදරයෙකු වන නිරෝෂන් වෙඩිසිංහ ෆේස්බුක් සටහනක් සමඟ අනතුරේ වීඩියෝවක් එක් කරමින් පවසා ඇත.

මේ අතර ඔහු එම සටහනෙන් යතුරැ පැදි ධාවකයන්ගෙන් හා නරඹන සියළු දෙනාගෙන්ම ඒ ගැන අදහස් දක්වන ලෙසද ඉල්ලා තිබේ.

වීඩියෝව නැරඹූ බොහෝ දෙනෙකු අදහස් පලකර ඇත්තේ අනෙක් පුද්ගලයා විසින් ආනන්ද වෙඩිසිංහව අනතුරට පත් කර ඇති බවයි.

ඔහු තබා ඇති ‍ෆේස්බුක් සටහන පහතින්

මේ සුරාජ් පෙරේරා සහ ආනන්ද වෙඩිසිංහ අතර සිදු වූ අනතුරේ මන්ද චලන වීඩියෝවයි. මට සහ වෙඩිසිංහ පවුලේ සියළු දෙනාට මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඇත. මම මෙම වීඩියෝව දමන්නේ ශ්‍රී ලංකාවේ සියළු රේසින් ධාවකයන්ට සහ රේසිං ක්‍රීඩාවට ආදරය කරන සියළු දෙනාගේ දැනුවත් භාවයට සහ අදහස් විමසීමටයි.

1. මට මෙම වීඩියෝව බලන කොට පෙනෙන්නේ සුරාජ් වංගුව ගන්නට උත්සාහ නොකරණ බවත් ඔහු හිතාමතාම ආනන්ද වෙඩිසිංහගේ ඇඟට එන බවත්, සුරාජ් පැවසුවේ ඔහුගේ යතුරු පැදිය ආනන්දගේ යතුරු පැදියේ හැන්ඩලයේ පැටලුන නිසා මෙම අනතුර වුනා කියලා, නමුත් බලන්න සුරාජ් ගේ යතුරු පැදිය ආනන්දගේ යතුරුපදියේ ගැටෙන්නේ වංගුවේ කෙලවරෙදිය. ඔහු ආපු වේගයත් එක්ක කෙලවරට ගොස් එම වංගුව ගත නොහැක.

අනික ඔහුගේ යතුරු පැදිය වංගුවේදී නැමීමකට ලක්වෙන්නේ නැහැ. ඔහු පැමිණෙන්නේ කෙලින්ම ආනන්දගේ ඇගටය. ඔබ පැහැදිලිව නැරඹූවිට
එය වැටහේවි.

2. යතුරුපැදි ගැටෙන අවස්ථාව සුක්ෂමව බැලුවිට පෙනී යනවා සුරාජ් පෙරේරා ආනන්ද වෙඩිසිංහගේ යතුරු පැදියට පදයෙන් හිතාමතා පහරක් ගහන ආකාරය. එම පහරත් සමගමයි ආනන්දගේ යතුරු පැදියේ සමබරතාවය ගිලිහී යන්නේ.

මම සුරාජ් පෙරේරාව පුද්ගලිකව හදුනන්නේ නැත. ඔහු සමග පුද්ගලික තරහක් තිබ්බේද නැත. නමුත් මෙයින් පෙනීයන්නේ සුරාජ් හිතාමතා මේ දේ කර අානන්දව පසුකර යන්න උත්සාහ කිරීමකි. නමුත් ඔහුටද වරදින්නේ ඔහුගේ වේගයද වැඩිවීම නිසාය.

සුරාජ් ආනන්දගේ වියෝවට ශෝකය පලකරේද නැත. මම ඔහුගෙන් අනතුර වූ දින කිහිපයකට පසු facebook comment එකකින් විමසු විට කියා සිටියේ මගේ සහෝදරයාට රේස් පදින්න උගන්වන ලෙසයි.

ආනන්ද වෙඩිසිංහට රේසිං ක්‍රීඩාව සම්බන්දයෙන් අමුතුවෙන් කියන්න දෙයක් නැත. අවු : 25 රේසිං ජිවිතයේ ඔහු විසින් දිනා ඇති කුසලාන සහ ඔහු විසින් දිනාගත් ප්‍රේක්ෂක ආදරය ඔහුගේ හැකියාවට හොඳම නිදසුනි.

මම වැරදි වෙන්නට පුළුවන. මම පෙන්වාදෙන්නේ මට මෙම වීඩියෝව දුටුවම හැඟෙන දෙයයි. මම මෙම වීඩියෝව ඔබ නෙත් ඉදිරියේ දිගහරින්නේ ඔබ නොදුටු දේ පෙන්වීමටත් මෙය අනතුරක්ද හිතමතා කල දෙයක්ද යන්න ඔබගේ අදහස් දැනගැනීමටත්ය.

This is the slow motion clip from the accident between Suraj Perera and Ananda Wedisinghe....I have questions from All Riders and All the people who love racing and know about racing.
1. Does it look like suraj trying to take the bend at all?

(the bikes collide its true but see where it collide? bikes collide in the far corner of that bend, now suraj or any one can take that bent coming at a speed like that, as far it seems Suraj is trying to cut of Ananda Wedisinghe from the bend)

2. as the bikes collide surajs leg lifts up and seems he is kicking Ananda Wedisinghe's bike intentionally.

I have no personal issue with suraj cz my brothers is dead, but this doesnt seems like and real accident it seems he wanted to this, but unfortunate for him as well since he fell off aswell.

I don't know may be I am wrong, but I am leaving this video for your eyes to decide..

Wedisinghe's death undoubtedly murder

(srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වෙඩිසිංහගේ මරණය ඝාතනයක් බවට සැකයක් (Video)"

    Post a Comment