24 June, 2017

‘‘තාප්පයෙන් නිවසට පැන පැය ගණනක් සැඟව ඉඳලා‘‘ – කොට්ටාවේ රූමතිය ඝාතනය CCTV දර්ශන සියල්ල හෙළිකරයි!

Tharindi Aloka - 03

පෙරේදා කොට්ටාවේ නිවසකදී ඝාතනයට ලක්වූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නට පොලිසිය සමත්ව තිබේ.

ඒ අනුව නිවසේ සීසීටීව් දත්ත පරීක්ෂා කර බැලූ පොලීසියට අනාවරණය වූයේ ඝාතනය සිදුකළ බව කියන පෙම්වතා දහවල් 10.30 ට පමණ නිවසින් පිටව යන දර්ශන එහි පටිගතවී ඇති අයුරුය.

කෙසේ වෙතත් ආපස්සට යවා බලද්දී පෙම්වතා පැමිණෙන දර්ශන සොයාගන්නට එක්වරම බැරිව ගොස් තිබේ. පොලිසිය ඒ අනුව සීසීටීවී කැමරා සියල්ල පරීක්ෂා කර තිබෙන අතර පෙම්වතා තාප්පයකින් පැන නිවසට ඇතුළුවන්නේ සිදුවීමට පෙරදින (21) රාත්‍රියේ බවත් ඔහු නගින්නේ 3 වන තට්ටුවට බවත් සොයාගන්නට හැකිව තිබේ.

ඒ අනුව තුන්වන තට්ටුවේ බැල්කනියක ඔහු පසුදා වනතුරු සැඟවී සිට නිවසේ පිරිස පිටව ගොස් තරින්දි තනිවෙන වේලාව තෙක් බලාසිට ඔහු නිවසට ඇතුළුවී මෙම ඝාතනය සිදු කරන්නට ඇතිය යන සැකය මතුව තිබේ. ඝාතනයෙන් අනතුරුව ඔහු නිවසින් පිටව ගොස් ඇත්තේ ප්‍රධාන දොරටුවෙනි.මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා මේ වනවිට නිවසින් පළාගොස් සැඟව ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර තිබෙන අතර ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

සැකකාර පෙම්වතා මාතර හක්මන ප්‍රදේශයේ වාසය කළ ඔහුද ව්‍යාපාරිකයෙකු බව අණාවරණය වී ඇති අතර වන්දනා ගමන් සංවිධානය කරන ව්‍යාපාරයක් ඔහු පවත්වාගෙන ගිය බව පැවසිණි.

මෙම පෙම්වතා ගැන තරින්දිට මුල් කාලයේ පැහැදීමක් තිබුණ නමුත් ඔහුගේ නොමනා ක්‍රියාකාරකම් කිහිපයක් අතට හසුවීම නිසා තරින්දි ඔහුට අකමැතිව සිටි බව කියැවේ. ඔහු මැය සමග විවාහ වන්නට අපේක්ෂාවෙන් නිවසට ආවත් ඔහුට තවත් පෙම්වතියක සිටින බව ඇයට දැනගන්නට ලැබීමෙන් පසු ප්‍රශ්න ඇතිව තිබේ.

මින් මාස කිහිපයක සිට එම ප්‍රශ්න මතුව තිබුණ අතර ඔහුගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිට ඇය සොයාගත් තොරතුරු ඔස්සේ මේ කියන බාහිර පෙම්වතියගේ දුරකථන අංක සොයාගන්නට ඇය සමත්ව තිබේ.

මෙම ඝාතන සිද්ධියට ආසන්නම සිදුවීම වන්නේ තරින්දි ඒ කියන කාන්තාවට කථාකොට මාතර පෙම්වතාගේ ‘ද්විත්ව ප්‍රේමය‘ ගැන තොරතුරු ඇයට හෙළිදරව් කර සිටීමයි. ඒ වනතුරු ඒ ගැන කිසිවක් දැන නොසිටි එකී කාන්තාව එය අසා පුදුමවී ඇති අතර ඔහුව අත්හැර දමන බවද පවසා ඇත.

මෙම ක්‍රියාව නිසා පෙම්වතා කෝපයට පත්වූ බවත් තරින්දිට තර්ජනය කරන ලද බවත් වාර්තාවෙයි. තමාට තැන් දෙකම නැතිවීම ගැන ඔහු අවේශයෙන් සිටි බව කියැවේ.

පෙම්වතා සමග ප්‍රශ්න පැනනැගුණ බව තරින්දිගේ මාපියන් හා නැගණියද හොඳින් දැන සිටි අතර මේ නිසා පසුගිය කාලයේ පෙම්වතාට එම නිවසට එන්නට දොරටු විවරවී තිබීද නැත. මේ නිසා තරින්දිගෙන් පලිගන්නට උවමනා වුවත් ඔහුට ක්‍රමයක් තිබී නැත.

Tharindi Aloka - 02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘‘තාප්පයෙන් නිවසට පැන පැය ගණනක් සැඟව ඉඳලා‘‘ – කොට්ටාවේ රූමතිය ඝාතනය CCTV දර්ශන සියල්ල හෙළිකරයි!"

    Post a Comment