සිරියාවේ රකා ප්‍රදේශය ඉලක්ක කර අමෙරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බව, එක්සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශකයන් පෙන්වා දෙනවා.
ප්‍රදේශයේ අයිඑස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර සිදු කළ ප්‍රහාරවලදී මෙලෙස සිවිල් වැසියන් මියගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් සිරියාව
පිළිබඳව ස්වාධීන කොමිසමේ සභාපතිවරයා මේ බව ඊයේ අනාවරණය කළා.
ඉකුත් මාස කිහිපයේ දී අයි එස් ත්‍රස්තවාදීන්ට සිරියාවේ උතුරුදිග ප්‍රදේශ ශීඝ්‍රයෙන් අහිමිව තිබෙනවා. ඉකුත් මාර්තු මස සිට සිදු කළ ගුව්න ප්‍රහාරවලදී සිවිල් වැසියන් සිය ගණනක් මියගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් නිරීක්ෂණ කණ්ඩායමක් පෙන්වා දෙන්නේ, ඉකුත් මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 600කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි. රකා ප්‍රදේශය තුළ ත්‍රස්තවාදීන් බාර දහසක පමණ පිරිසක් සිටින බවට විශ්වාස කෙරෙනවා. (rupavahininews)

Share this
|
|
0 Comment to "සිරියාවේ රකා - ප්‍රහාරවලින් සිවිල් වැසියන් රැසක් මරුට"
Post a Comment