සැමියා මියගිය කාන්තාවක් විසින් නිවසේ මුළුතැන් ගෙයි ප්‍රසූත කර ඒ සැණින් කැලයට විසිකළ බව කියන ළදරුවකුගේ සිරුර ඇයගේ නිවසට යාබදව පිහිටි කැලෑවක කටු අකුලක් මත තිබී මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විශාල පරිශ්‍රමයකින් අනතුරුව ඊයේ (13දා) සවස සොයා ගනු ලැබීය.
පෙරේදා (12දා) මධ්‍යහේනයේ අනුරාධපුර ශික්‍ෂණ රෝහල් පොලිසිය මඟින් ලබාදුන් තොරතුරකට අනුව මිහින්තලය පොලිසියේ නිලධාරීන් එක් වී ළදරු සිරුර සොයාගෙන ඇත. දරු ප්‍රසූතියක් සිදු කළ බව කියන කාන්තාවක් දරුවා නොමැතිව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ 68 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවට රෝහල් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් ඒ පිළිබඳව මිහින්තලය පොලිසියට දැනුම් දී ඇති අතර ඇය විසින් මරාදමා කැලයට විසි කළ බවට සැකකරන ළදරු සිරුර පසුව සොයාගෙන තිබුණි.
මිහින්තලය පොලිස් වසමේ ඉහළ උල්පත්වැව සියඹලාගස්වැව සීප්පුකුලම තෙලිඟු ගම්මානයට යාබද ඉඩමේ තිබී මෙම ළදරු සිරුර සොයාගත් බවත් සැකකාර 42 හැවිරිදි කාන්තාවගේ සැමියා මීට වසර තුනකට ඉහත දී මියගොස් ඇති බවත් පොලිසිය පැවැසුවේය. සොයාගත් ළඳරු සිරුර ගැහැනු දරුවකුගේද පිරිමි දරුවකුගේද යන්න පොලිසිය අනාවරණය කරගෙන නොතිබුණි.
කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන ඇයට අවුරුදු 22, 19, සහ 17 වයසේ පසුවන පිරිමි දරුවන් තිදෙනකු හා වයස අවුරුදු දෙකහමාරක දැරියක් සිටින බවත් පොලිසිය පැවැසුවේය. සැකකාරිය කිසියම් පුද්ගලයකු සමඟ
පැවැත් වූ අනියම් සබඳතාවයකින් දරුවා පිළිසිඳ ගෙන ඇති බවට පොලිසිය සැකකරන අතර එය දරුවන්ට හා අසල් වාසීන්ට සැඟවීමට උපන් දරුවා කැලෑවට විසිකරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.ඇය 11 වැනිදා දිනයේ නිවසේ මුළුතැන් ගෙයිදී දරුවා ප්‍රසූත කර පසුව කැලෑවට විසිකර ඇති බවත් දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව මුළුතැන්ගෙයි වහනය වූ රුධිරය කිසිවකුටත් නොපෙනෙන ලෙස සෝදා පිරිසිදු කර ඇති බවත් පොලිසිට පැවැසුවේය.
සැකකාරියගෙන් මේ පිළිබඳව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලිසියට පවසා ඇත්තේ මිදුලේදී දරු ප්‍රසූතිය සිදුවීම නිසා දරුවා මිදුලේම තබා රෙද්දක් ගෙන යෑමට නිවසට පැමිණි අවස්ථාවේ බල්ලකු විසින් දරුවා ඇදගෙන ගොස් තිබූ නිසා නිහඬව සිටි බවයි. අනතුරුව ඇති වූ අපහසුව නිසා රෝහල්ගත වූ බව ද සැකකාරිය පොලිසියට පවසා තිබුණි.
මව විසින් 11 දිනයේ මුළුතැන්යෙි සෝදා පිරිසිදු කරන අයුරු දුටු බව ඇයගේ වැඩිමහල් පුත්‍රයා පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබුණි. දරු ප්‍රසූතියක් වසන් කර උපන් අවස්ථාවේදීම දරුවා මරා දැමුවේ ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි. මියගිය
ළදරුවාගේ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය හා පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (13දා) සවස පැවැත්වීමට නියමිතව තිබුණි.
මිහින්තලය පොලිසියෙ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රුක්මල් රත්නායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සමරසිංහ පොලිස් සැරයන් වික්‍රමරත්න (27984), පොලිස් කොස්තාපල්වරුන් වන ලක්‍ෂ්මන් (33902), නාමල් (47843), හේරත් (9650) යන මහත්වරුන් පරීක්‍ෂණ සිදුකරයි.

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය (mawbima)
Share this
|
|
0 Comment to "කුස්සියේදී දරුවා ප්‍රසූත කර කටු අකුලකට වීසි කරලා"
Post a Comment