14 June, 2017

ඔලිම්පික් යන්න දිනකට කලින් ගබ්සාවක් කරලා සාන්යා රිචර්ඩ්ස් කියයි

Aaron Ross - Sanya Richards

තමා 2008 බීජිං ඔලිම්පික් උළෙලට පිටත්ව යෑමට දිනකට පෙර ගබ්සාවක් කරගත් බව ඇමෙරිකානු ධාවන ශූරියක වූ සාන්යා රිචර්ඩ්ස් එම සිදුවීමෙන් දශකයකට පමණ පසු පසුගියදා අනාවරණය කළා. ඒ වනවිට ඇය "ඇමෙරිකන් පාපන්දු" (ඒථඥපඪජචද ජ්ධධබඡධධත) ශූරයකු වූ
එරන් රොස් සමඟ සබඳතාවක් පවත්වාගෙන ගිය අතර මේ දරු පිළිසිඳ ගැනීමට හේතුවී ඇත්තේ ඔහුයි.

කෙසේ හෝ මේ අනපේක්ෂිත ගැබ් ගැනීම ඇගේ ක්‍රීඩා දිවියට මහත් බාධාවක් වූ බව පැවැසූ සාන්යා 2008 ඔලිම්පික් උළෙලට යෑමට පෙර මෙම ගබ්සාව සිදු කරගෙන තිබෙනවා.

2008 බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 400 ධාවන ඉසව්වෙන් තෙවැනි ස්ථානය හිමිකරගත් ඇය 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූවා. (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඔලිම්පික් යන්න දිනකට කලින් ගබ්සාවක් කරලා සාන්යා රිචර්ඩ්ස් කියයි "

    Post a Comment