11 June, 2017

“මාලිංග නැවතත් අපි වෙනුවෙන් ඒ දේ කරයි…” මැතිව්ස්‌

Malinga - Mathews

චැම්පියන්ස් කුසලානය යනු ලෝක කුසලාන තරඟාවලිය මෙන් අතරින් පතර දුර්වල කණ්ඩායම් මුණ නොගැසෙන සියලුම තරඟ සඳහා තම හොඳම කණ්ඩායම ඉදිරිපත් කලයුතු අතිශය තරඟකාරී තරඟාවලියකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග වසර දෙකක කාලයක ආභාදයෙන් පසුව කණ්ඩායමට පැමිණියද පසුගිය තරඟ දෙකෙහිදීම ඔහුගේ පන්දු වාර 20 ම ක්‍රියාත්මක කිරීමට සිදු විය.මාලිංග මෙම පන්දුවාර 20 තුල ලකුණු 127 ක් ලබාදී කඩුලු දෙකක් පමණක් දවා ගත්තද ඔහු ප්‍රතිවාදීන්ට ආරම්භයේ සහ අවසානයේ එල්ල කල පීඩනය වැදගත් වන බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් sundaytimes.lk සමඟ පවසා ඇත.

“මම හිතන්නේ ඒ ගැන කොහොමවත් කලබල වෙන්න ඕන නෑ,ඔහු කණ්ඩායමට
අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් වගේම අපේ තියන පන්දු යැවීමේ ප්‍රදානම තුරුම්පුව තමයි මාලිංග.”

“අපි කවුරුත් දන්නවා මාලිංග ක්‍රිකට් පිටියට ආවේ කාලෙකට පස්සේ,බලන්න ඉන්දීය තරඟය මාලිංග අපිට ගලව ගන්න බැරුව තිබුන ආරම්භක කඩුල්ල ලබාගත්ත,ඉනිම අවසාන හරියේ හොඳටම පහර දෙමින් හිටපු ධවාන් ඉවත් කළා.මම නම් කොහොමවත්ම ඔහු වෙනද වගේ කඩුලු ගත්තේ නෑ කියල දුක් වෙන්නේ නෑ.ඔහු අතීතයේ අපේ කණ්ඩායම වෙනුවෙන් කරපු දේ අනාගතයේදීත් කරයි ඒ ගැන කිසිම සැකයක් නෑ.”

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරාජය කිරීම සමඟින් ආත්ම විශ්වාසයද ඉහල ගිය බව මැතිව්ස් පවසා ඇත.

“ඇත්තටම ඒ දිනුමත් එක්ක අපේ කණ්ඩායමේ ආත්ම විශ්වාසය ගොඩක් ඉහල ගියා.අපිට සඳුදා තියන තරඟයත් ගොඩක් වැදගත් තරඟයක්.මම හිතන්නේ කණ්ඩායමේ ලොකු වෙනස් කමක් වෙන එකක් නෑ.කුසල්ගේ අභාදය නිසා ඔහුගේ තැනට වෙන ක්‍රීඩකයෙක් එයි අනිත් කණ්ඩායම බොහෝ දුරට දිනපු කණ්ඩායමම තමයි දාන්න ඉන්නේ.” (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "“මාලිංග නැවතත් අපි වෙනුවෙන් ඒ දේ කරයි…” මැතිව්ස්‌"

    Post a Comment