08 June, 2017

ඉන්දියාවේ උද්ඝෝෂණයකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 5ක් මරු දකියි

dead body - India protest shooting

ඉන්දියාවේ ගොවින් පිරිසක් විසින් සිදු කළ උද්ඝෝෂණයක් අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැති උද්ඝෝෂණයකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොලිසිය විසින් අදාළ වෙඩි ප්‍රහාර එල්ල කළ බවට උද්ඝෝෂකයින් ප්‍රකාශ කළ ද ප්‍රාන්ත රජය එය ප්‍රතික්ෂේප කර තිබේ.

සිය නිෂ්පාදන සඳහා අවම මිලක් නියම කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දින කිහිපයක සිට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවින් විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව සඳහන්වේ. (adaderana)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාවේ උද්ඝෝෂණයකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 5ක් මරු දකියි"

    Post a Comment