08 June, 2017

ප්‍රවීණයෝ ගොඩක් ඒකාකාරී රැල්ලකට අහුවෙලා

Uresha Ravihari - 2017-06-07_13-50-05

උරේෂා රවිහාරි කියන චරිතයට අපි කවුරුත් ප‍්‍රිය කරනවා. ඒ ඇයගේ කටහඬ නිසාමයි. එපමණක්ම නොවේ, ඇයගේ ගීත පවා අදටත් අපි ආසාවෙන් රස විඳිනවා. බොහෝ කලකට පසු ඇය ගැන දැනගන්න රිවිසරසි කතාබහට ඇයව මෙවර එකතු කරගත්තා.

* ඉතින් කොහොමද උරේෂා මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වලනම් ජීවිතේ හොඳින් සතුටෙන් ගෙවෙනවා. දරුවගේ සහ කලා කටයුතු එක්ක තමා ජීවිතේ ගෙවෙන්නේ.

* මාධ්‍ය තුළ වැඩිය දකින්න නැත්තේ ඇයි?
එහෙම නැහැ. දකින්න ලැබෙනවා. ගොඩක්ම පසුගිය කාලේ පුරාම විදෙස් සංචාරවලට සහභාගි වුණා. ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රසංගයකට සහභාගි වුණා. ඒ වගේම ලංකාවේ ප‍්‍රසංගවල ගීත ගායනා කරා වෙසක් සමයේ වගේම අනිකුත් ප‍්‍රසංගවලටත් සහභාගි වුණා. නිතරම මාධ්‍යවල ඉන්න කෙනෙක් නෙවෙයි මම, වැඩකටයුතු එක්ක.

* දරුවා එක්ක ගෙවෙන ජීවිතේ කොහොමද?
හරිම සුන්දරයි. මගේ මුළු ලෝකෙම දරුවා තමයි. දැන් හරිම හුරතල් වයසේ ඉන්නේ. හරිම ආසාවෙන් එයා ලොකු වෙන දිහා බලාගෙන ඉන්නවා.

* බබාගේ වයස දැන්?
දැන් එයාට අවුරුදු හතරයි.
* පවුල් ජීවිතේ සහ ක්ෂේත‍්‍රයේ කටයුතු කොහොමද සමබරව ගෙනියන්නේ?
ඒක එහෙම අමාරු කටයුත්තක් නෙවෙයි. දරුවගේ වැඩවලට වගේම කලා කටයුතුවලට මම කාලය වෙන් කරගෙන තියෙන නිසා අපහසු නැහැ. විශේෂයෙන්ම මගේ දෙමවුපියෝ ගොඩක්ම සහයෝගය දෙන නිසා තවත් පහසුයි ජීවිතේ ගෙනියන්න.

* එතකොට සැමියාගෙන් ලැබෙන දායකත්වය කොහොමද?
ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ සියලූම දේට සහාය දෙනවා මගේ දෙමවුපියෝ වගේම. මං හිතන්නේ මගේ කටයුතු ගොඩක්ම පහසු වෙලා තියෙන්නේ ඒ සහයෝගය නිසා වෙන්න ඇති.

* ගෘහණියක්, මවක් සහ ගායිකාවක් විදියට මේ ලැබුණ ජීවිතේ ගැන ඔබ මොකද හිතන්නේ?
දැන් ලැබිල තියන ජීවිතේ ගැන සතුටුයි. ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් මගේ දෙමව්පියෝ, ස්වාමියා සහ දරුවා එ් හැම දෙනා එක්කම සතුටෙන් හැමදාම ඉන්න තමා කැමති.

* දරුවා සංගීතයද නැත්නම් සැමියගේ ක්ෂේත‍්‍රය තෝර ගන්නවටද කැමති?
ඒ ගැන දැන්ම කියන්න අමාරුයි. මොකද දරුවා තාම පුංචි නිසා. එයා කැමැති ක්ෂේත‍්‍රයක් තෝරගන්න ඉඩ දෙනවා.

* ඇයි ඒ?
මොකද කාලෙත් එක්ක එයා ලොකු වෙද්දි එයාට කැමතියි දේවල් පිළිබඳව එයාට තේරෙනවා. අපි ඒ දේට මැදිහත් වෙන්නේ නැහැ ඒ නිසා. නමුත් පුංචි කාලේ ඉඳන්ම එයා සංගීතයට ඇල්මක් කැමැත්තක් තියනවා කියල මට තේරුණා. කිසි දේකට බල කරන්නේ නැහැ. නමුත් අධ්‍යාපනය හරියටම කරන්න පුළුවන් උපරිමයෙන් සහයෝගය දෙනවා
අවශ්‍ය කාලය ආවම.

* රියැලිටි වැඩසටහනකට ආරාධනාවක් ලැබුණොත් සහභාගි වෙනවද?
ආරාධනා ලැබුණා. නමුත් පෞද්ගලිකව වැඩි කැමැත්තක් නැහැ.

* ඒකට හේතුව?
මෙහෙමයි, මම විනිශ්චයකරුවෙක් විදියට සහාභාගි වෙලා තියෙනවා. මට ගායනා පැත්තෙන් රියැලිටි වැඩසටහනකට ආරාධනා ලැබුනොත් සහභාගි වෙන්න කැමැති. මොකද ඒ මගේ ක්ෂේත‍්‍රය නිසා. නමුත් නර්තනය, රංගණය වගේ දේවල්වලට සහාභාගි වෙන්න ලොකු කැමැත්තක් නැහැ. නමුත් වැඩසටහන් ආසාවෙන් නරඹනවා මොකද දක්ෂ පිරිසක් ඉන්න නිසා.

* දැන් සංගීත ක්ෂේත‍්‍රය ගැන ඔබ මොකද හිතන්නේ?
මේ කාලේ ගොඩක් නිර්මාණ හරිම ඒකාකාරි. අමුතු රැුල්ලකට මේ ක්ෂේත‍්‍රය හසු වෙලා කියල හිතෙනවා. කිසිම රසයක් නෑ පැරණි ගීත වල වගේ අලංකාර පද රචනා අද නිර්මාණවල දකින්න ලැබෙන්නේ නැහැ. එකම තනුවකට තමා ගීත බොහොමයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ප‍්‍රවීණයෝ දක්ෂයෝ ගොඩක් ඒ රැුල්ලට හසු වෙලා කියලා පේනවා.

* ඒ වගේ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් භාර ගන්නවද?
නැහැ. ඒ වගේ නිරමාණවලට දායක වෙන්න ආරාධනා ලැබිලා තියනවා. නමුත් එ වගේ අවර ගණයේ නිර්මාණවලට දායක වෙනවට වඩා හොඳයි තමන්ගේ නිර්මාණයක් කරලා ගෙදරට වෙලා ඉන්න එක. සමාජේ ¥ෂණය වෙන නිර්මාණවලට දායක වෙලා අනාගත පරපුරට අනාදර්ශයක් වෙන්න මං කැමැති නැහැ.

* ඒ දෙයින් රැුකෙන්න විදියක් ගැන ඔබේ අදහස මොකද්ද?
මෙහෙමයි. දක්ෂයෝ ගොඩක් ඉන්නවා. හොඳින් ක්ෂේත‍්‍රය හදාරන්න ඕනි. එ් වගේම මට හිතෙනව ඉදිරියේදී නිරෝෂා, සමිත අක්කල වගේ ප‍්‍රවීණයන්ගේ නිර්මාණත් එක්ක නැවතත් ඒ රැුල්ල වෙනස් මගට යයි. මගෙත් අලූත් නිර්මාණ ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි මගේ රසිකයන්ට.

* විදේශයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ඉතාමත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ගොඩක්ම සතුටුයි හොඳ රසවින්දනයක් ඔවුන්ට තිබෙනවා. ගොඩක්ම ඔවුන් ආරාධනා කරන්නෙම පැරණි ගීතමයි. ලංකාවෙත් එවැනිම වින්දනයක් තිබෙන පිරිසක් ඉන්නවා ප‍්‍රවීණයන්ගේ ගීතවලට.

* ඉදිරි වැඩ කටයුතු මොනවද?
ඉදිරියේදි අලූත් ගීත කීපයක්ම එන්න තියෙනවා. එ් වගේම මං චිත‍්‍රපටි කීපයකටම ගීත නිරමාණය කළා. ඒ වගේම ටෙලි නාට්‍යවලටත් කරපු ගීත ඉදිරියේදී දකින්න පුළුවන්. එලෙසම මගේ නිර්මාණ කීපයකුත් රසිකයන්ට ඉදිරියේදී දැක ගන්න පුළුවන්. ඒ හැම නිර්මාණයක්ම ගුණාත්මක බවින් යුතු ගීත. ඉදිරියේදි තව විදෙස් සංචාර කීපයකට සහභාගි වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

* අනාගත බලාපොරොත්තු මොනවද?
ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් මගේ දරුවව හො`ද පුරවැසියෙක් කරල රටට වැඩදායි කෙනෙක් කරන එක තමා විශේෂම බලාපොරොත්තුව. එ් වගේම හොඳ සංගීත නිර්මාණ සඳහා දායක වෙලා සමාජයට යහපතක් කරන්න කැමැතියි.

චාරුන්දි කරුණාතිලක (rivira)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ප්‍රවීණයෝ ගොඩක් ඒකාකාරී රැල්ලකට අහුවෙලා"

    Post a Comment