මැතිව්ස් (05) සවස් වරුවේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පුහුණු සැසියට පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණය සමත් විය. ඉන් අනතුරුව මැතිව්ස් පුහුණුවීම් කටයුතුවල ද නිරත වූ අතර එහි දී ඔහු නික් පෝතස් සමඟ පන්දු රැකීමේ පුහුණුවීම් කටයුතුවල මෙන්ම පිතිකරණ පුහුණුවීම් කටයුතුවල ද නිරත වී ඇත.
පසුගිය තරඟයට ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබුනද අවදානමක් ගැනීමට නොහැකි නිසා ක්‍රීඩා නොකළ බව එහිදී මැතිව්ස් පවසා ඇත.
“මම දැන්
සම්පූර්ණයෙන්ම වගේ සුවය ලබලා තිබෙන්නේ. නමුත් මට පන්දු යවන්න හැකිවෙන එකක් නැහැ. පසුගිය මාස හයක, අටක පමණ කාලය මට ගොඩක් අපහසු කාලයක් වුනා. මම පුළුවන් ඉක්මනින් නැවතත් සාමාන්‍ය තත්වයට එන්න උපරිමයෙන් උත්සාහ කළා. මගේ ශරීරය ඒකට හොඳින් ප්‍රතිචාර දැක්වූවා. ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් සිදු වෙනවා. ඒ වගේ අභියෝග වලට මුහුණ දෙන්න ඕන. දැන් මගේ ඉලක්කය මගේ කාර්යභාරය උපරිමයෙන් ඉටු කරන එක. කලින් තරගයට සහභාගී නොවී සිටීම අපහසු කාර්යයක් වුනා. නමුත් තිබුණු අවදානම් තත්වය නිසා කණ්ඩායම් කළමනාකාරිත්වය මාව ක්‍රීඩා කරවලා අවදානමක් නොගෙන ඉන්න තීරණය කළා.”
ThePapare.com සමඟින් අදහස් දක්වමින් පසුගිය තරඟයේ සිදුවූ අවාසනාවන්ත තත්වය සමබන්දයෙන්ද මැතිව්ස් අදහස් දක්වා ඇත.
“ඒ සිදුවීම හරි අවාසනාවන්ත එකක්,පිටිය මැද ඉන්න හැම ක්‍රීඩකයම නායකයට උදව් වෙන්න ඕන නියම වෙලාවට පන්දුවාර අවසන් කරන්න.අන්තිමට නායකයා දඬුවම් ලබනවා ඒ සිද්දිය ඇත්තටම සමාව දෙන්න බැරි වරදක්.” (cricketlanka)

Share this
|
|
0 Comment to "“දකුණු අප්‍රිකා තරඟයටත් ක්‍රීඩා කරන්න පුළුවන්කම තිබුනා..”- ඇන්ජලෝ මැතිව්ස්"
Post a Comment