21 June, 2017

මැලේරියා මදුරු නාශක සඳහා දිලිර භාවිතය (Video)

Fungal used for malaria antibiotics

මැලේරියා මදුරුවන් විනාශ කිරීමට අවශ්‍ය මකුළු හා ගෝනුසු විෂ දිලිර මගින් නිපදවීමට විද්‍යාඥයන් සමත් වී තිබේ. වනාන්තර ආශ්‍රිතව මැලේරියා පැතිරයාම වැලැක්වීමට මැලේරියා වාහක මදුරුවන් විනාශ කළ හැකි දිලිර වර්ග දැනටමත් හදුනාගෙන තිබේ.

Metarhizium pingshaensei නම් දිලිර බිජ අණු මැලේරියා මදුරුවන් හා ස්පර්ශ වූ විට ඒවා මදුරුවාගේ ශරීරය තුළ තැන්පත්වී පැතිරෙමින් අවසානයේ ධාරකයා නසා දමයි. එහෙත් මෙම ක්‍රියාවලිය සම්පුර්ණ වීමට බොහෝ කාලයක් ගතවන අතර එක් මදුරුවෙක් තුළ බිජ පැතිරීම සදහා විශාල බිජ ප්‍රමාණයක්ද අවශ්‍ය වේ. එනිසා මෙම ක්‍රියාවලිය මගින් මැලේරියා මදුරුවන් පාලනය කාර්යක්‍ෂමව සිදු නොවේ.

පර්යේෂක කණ්ඩායමේ අරමුණු නම් වඩා කාර්යක්ෂම ලෙස ක්‍රියාකාරිවිමට හැකි ලෙස දිලිරය වර්ධනය කිරීම සහ සංවර්ධිත දිලිරය මිනිසුන්ට හෝ වෙනත් සතුන්ට හෝ පරිසරයට හානිදායක නොවන්නක් ලෙස නිපදවීමයි. මේ අනුව ඔවුන්ගේ නව සොයාගැනීම සම්බන්ධ විද්‍යාත්මක වාර්තාව ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඔවුන් නිෂ්පාදනය කළ වඩාත් ප්‍රභල දිලිර මාදිලි, බහුවිධි විෂ වලින් යුක්ත වන අතර එක් බිජ අණුවකින් මදුරුවන් විශාල ප්‍රමාණයක් විනාශ කළ හැකි වී තිබේ.

තවද මෙම නව දිලිරය මගින් මැලේරියා මදුරුවන්ගේ ලේ උරාබීමේ චර්යාවද වළක්වාලන බව සදහන් වේ. මේ හේතුන් නිසා මැලේරියා රෝගය සම්ප්‍රේෂණය වී ව්‍යාප්ත වීම දින 5 ක් තුළ 90% කින් අඩු කිරීමට නව දිලිරය සමත් බව පර්යේෂණයේ සම කතෘ Brian Lovett සවිස්තරාත්මකව විස්තර කරයි.

උතුරු අප්‍රිකාවේ කාන්තාරවල ගොනුස්සන්ගේ සහ ඕස්ට්‍රේලියා කදුකරයේ මකුළුවන්ගේ විෂ එක් කිරීමෙන් මෙම දිලිරය ජානමය වශයෙන් වඩා කාර්යක්‍ෂම කර තිබේ. ඒවාගේම මෙම දිලිරය මීමැස්සන් වැනි පරාග පෝෂකයන් ඇතුළු අනෙකුත් කෘමි විශේෂ සදහා විෂ සහිත නොවන බවත් අමතර ප්‍රතිවිපාක ඇති නොකරන බවත් පර්යේෂකයෝ තවදුරටත් වාර්තා කර තිබේ



අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර (vidathanet)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මැලේරියා මදුරු නාශක සඳහා දිලිර භාවිතය (Video)"

    Post a Comment