25 June, 2017

මෝටර් රථ ප්‍රවාහනයේ හොරාගේ අම්මාගෙන් පේන අහලා

peugeot-gt-line-0-car

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව පැවැති වාහන ලිපි ගොනු 597 ක් අස්ථානගත වීම පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ ප්‍රධානියා එම ලිපි ගොනු අතුරුදන් වීමට අදාළ කටයුතුවල නිරත වූ අයෙකු බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ තුන් වෙනි වාර්තාවෙන් හෙළිදරව් කර ඇත.

එම කමිටුව පත් කළ පසුවද ලිපිගොනු අස්ථානගතව ඇති බවට වාර්තා වන බවද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ හෙළිදරව් වී තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් 2016/05/04 සිට 2016/10/28 දක්වා කාලය තුළ කරනා ලද විමර්ශන ඇතුළත් දෙවන වාර්තාව එහි සභාපති නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා විසින් ඉකුත් සිකුරාදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

අස්ථානගත වූ ලිපිගොනු නැවත ලබා දෙන ලෙස කරන ලද නියෝගය ප්‍රකාරව මේ වන විටද ලැබි ඇත්තේ ලිපි ගොනු 597 න් 33 ක් පමණක් බවත් එයට අමතර වශයෙන් ඉල්ලා ඇති තොරතුරු කිසිවක්ද ලැබි නොමැති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පෙන්වාදී තිබේ.

2015 වසර තුළ ලියාපදිංචි නව වාහන 668,907 තුළ පවතින මෝටර් කාර් රථ 105,628ක් පිළිබඳ තොරතුරු රේගු වාර්තා සමග සැසදීමේදි වාහන 164ක තොරතුරු නොසැසඳෙන බවටද අනාවරණය වී ඇත. අත්ට්‍රැක්ටර් ආනයනය කළ රේගු සටහන් කර භාවිතා කරමින් ව්‍යාජ ලෙස ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථ 7ක් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මාසයක් ඇතුළත වාර්තා කරන ලෙසද කාරක සභාව නියෝග කර ඇත.

ලසන්ත වීරකුලසූරිය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මෝටර් රථ ප්‍රවාහනයේ හොරාගේ අම්මාගෙන් පේන අහලා"

    Post a Comment