04 June, 2017

තේජව බලන්න මම දැන් යන්නෙ නැහැ

Amila Perera - 2017-06-03_13-42-17

හැමදාමත් පෙම්වතාගේ චරිතය කරපු අමිල අබේසේකර ඒකෙන් මිදෙන්නේ කවදද?
අලුත් ටෙලිනාට්‍යයේ මම පෙම්වතෙක් නෙමේ. ඒකෙ කොතැනකවත් මට පෙම්වතියක් නෑ. මම මගේ නංගිව බලාගන්න, නංගි වෙනුවෙන් ජීවිතේම කැපකරන අංගම්පොර ඉගෙන ගන්න චරිතයක්. ඒක වෙනස් චරිතයක් වෙයි.

ඔය හැම වැඩක් එක්කම ටිකක් නිවාඩු පාඩුවක් ලැබුණාම අමිල මොකද කරන්නේ?
නිදහසේ ඉන්නවනම් මම ඔය ගෙදර ඉන්න හරි ආසයි. ඒ වගේ වෙලාවට ටිකක් දවල් වෙනකන් නිදාගන්නවා. ගෙදර ඉන්නකොට තමයි ඉතින් මගේ වැඩ කරගන්න වෙන්නේ. බඩුවක් මුට්ටුවක් ගන්න ඕනෙනම් ඒක ගන්න, බැංකු වැඩවලට යන්න, බිල් ගෙවන ඒවාට යන්න, මේ දේවල් කරද්දි ඉතින් වෙලාව යනවා තේරෙන්නෙ නෑ.

පහුගිය දවස්වල තේජාත් ලංකාවට ආවා නේද..?
ඔව්... තේජා පහුගිය දවස්වල ලංකාවට ආවා. එයා අවුරුදු කාලේ ඉඳන්, ඒ කියන්නේ අප්‍රේල් මාසෙ ඉඳන් හතර පස් වතාවක් ළඟ ළඟ ලංකාවට ආවා ගියා.

වෙනදාට තේජා බලන්න අමිල ලංකාවෙන් ගියා. දැන් අමිලව බලන්න තේජා ලංකාවට එනවා... මොකද මේ?
ඔව්... ඔව්... ඒකනම් ඇත්ත. වෙනදාට මම තමයි තේජා බලන්න එහෙට ගියේ. ඒත්... මේ දවස්වල ෂූටිං වැඩ නිසා මේ දවස් ටිකේ මට යන්න විදිහක් නෑ. ඒ නිසා දැන් මේ දවස් ටිකේ මාව බලන්න තේජා මෙහාට එනවා.

කොහොමද තේජාගෙන් ඔයාගේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය?
ඒකනම් ඉතින් හැමදාම කියනවා වගේම උපරිමයෙන් මට එයාගෙන් ලැබෙනවා. එයා තමයි මගේ ටෙලිනාට්‍ය බොහොමයක් බලන්නෙත්. එහෙම බලලා මගේ අඩුපාඩු කියන්නෙත් එයා. තිර පිටපතක් එයා ඉඳිද්දි මට ලැබුණොත් එයා ඒක ඉක්මනට කියවලා මට කතාව කියලා දෙනවා.

අද වෙද්දි ඇතැම් කලාකරුවන්ගේ විවාහ බැඳීම් පවතින්නේ බොහොම ටික කාලයයි. එක වහලක් යට ඉඳගෙනත් වෙන්වෙන මොවුන්ගේ ජීවිත ගැන මොකද හිතෙන්නේ.. තේජායි අමිලයි රැකියා කටයුතු නිසා ඉන්නේ දෙතැනක..?
ඕනෑම ප්‍රශ්නෙකට විසඳුම තියෙන්නෙත් තමන් ළඟයි. තේරුම් ගැනීම හා විශ්වාසය තියෙනවානම් කාටවත් ජීවිතේට ඇඟිලි ගහන්න බෑ. තේජා කියන කෙනාව මම වගේම එයත් එක්ක වැඩ කරන හැමෝම දන්නවා එයා කවුද කියලා. ඒ නිසා මට අමුතුවෙන් එයා ගැන හොයන්න බලන්න දෙයක් නෑ. එයා දන්නවා තමන් කොහොමද වැඩ කරගන්න ඕනෙ සහ තමන් කොහොමද ඉන්න ඕනෙ කියලා. ඒ නිසා මට එයා ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ.

එතකොට තේජාට ඔයා ගැන හොයන්න ඕනෙ නැද්ද..?
ඒක ඇත්ත. තේජාට මගේ ගැන තමයි හොයන්න ඕනේ. මොකද මේ කලා ක්ෂේත්‍රය නිසා අපි ගැන කතා හැදෙනවා වැඩියි. ඒකත් මම පුළුවන් තරම් රැකගෙන තමයි ඉන්නේ. සමහරුනම් කතා හදනවා ඇති. මොකද අපි ඉන්න විදිහට. අද කාලේ හොඳ කියනවා හරි අඩුයිනේ. ඒත්... මට කියන කතාවලට මට ගාණක් නෑ. මම දන්නවා මම කවුද කියලා. ඒ නිසා තේජා මගේ ගැන හොඳට දන්නවා. අනික තේජා දුරස් කියලා අපිට දැනෙන්නේ නෑ. තේජායි මායි සතියකට සැරයක් සති දෙකකට සැරයක් මුණගැහෙනවා. ඒ නිසා ඒක ලොකු ඈත්වීමක් කියලා මට දැනෙන්නෙ නෑ.

කාලයක් රියැලිටි ෂෝ නිවේදනය කරපු අමිල මේ දවස්වල රියැලිටි ෂෝවලට නිවේදනයෙන් දායක වෙන්නේ නෑ. මොකද ඒ ගැන ඉන්නේ කලකිරීමෙන්ද...?
නෑ.. දැනටම මම රුපවාහිනියේ ප්‍රචාරය කරන රිදම් චැට් වැඩසටහන කරනවා. මීට අවුරුදු ගාණකට උඩදි එක රියැලිටි වැඩසටහනක් කළා. ඊටපස්සේ ඒ නාලිකාව වෙනස් කරන්න වෙන්න ඇති ඒක වෙනස් කළා. ඊටපස්සේ නම් මම රියැලිටි ෂෝ වැඩසටහන්වලට සහභාගි වුණේ නෑ.

කවදා විතර තමන්ගේම නිවසක පදිංචිවේවිද..?
ඉඩමක්නම් අපි දෙන්නා අරගෙන තියෙන්නේ. තාම ගේ හදන්න පටන් ගත්තේ නෑ. අලුත් පන්නයේ අපේ අතේ ඇති මුදලට සරිලන ගෙයක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. තේජා ලෝකෙ රටවල්වලින් නොගිය රටක් නැති තරම්. මමත් රටවල්වල සංචාරය කරලා තියෙනවා. ඉතින් ඒ රටවල්වල ගෙවල්, හොටෙල් වලින් අපි දෙන්නගේ ඔළුවේ එක එක අයිඩියා තියෙනවා. ඒ නිසා ඒ අයිඩියාවලින් අපේ ගාණට ගැලපෙන හොඳ ගෙයක් අපි දවසක හදනවා.

මොනවද තියෙන බලාපොරොත්තු..?
මම එක ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ මුලු වරුසා ටෙලිනාට්‍ය. ඉතින් තව ටෙලිනාට්‍යයක් අපි මේ අවුරුද්දේ අන්තිම කරන්න හිතාගෙන ඉන්නවා.

►Text – Dishani / Pic - Sumudu (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තේජව බලන්න මම දැන් යන්නෙ නැහැ"

    Post a Comment