29 May, 2017

ස්වේච්ජා සේවකයින්ට නිවාඩු දෙන්න!

Volunteer workers

අයහපත් කාළගුනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා සිය කාලය, ශ්‍රමය සහ මුදල් කැපකරමින් විශාල වැඩකොටසක් සිදුකරන ස්වේච්ජා තරුණ තරුණියන්ට ඔවුන් රැකියාවල නිරත වන ආයතන වලින් අවම වශයෙන් දින 3 හෝ නිවාඩු ලබාදිය යුතු බවට සමාජයේ කතා බහක් ඇති වී තිබේ.

ෆේස්බුක් වැනි සමාජජාල ඔස්සේ සම්බන්ධීකරණය කරගනිමින් පසුගිය දින කිහිපයේදී බොහෝ පිරිසක් සහන සේවා කටයුතු වල නියැලුණු අතර ඔවුන්ට මේ වනවිට තමන් සේවය කරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සාමාන්‍ය සේවයන් සඳහා යාමට සිදුවී තිබේ.

ජාතික ආපදා තත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම ස්වේච්ජා සහන කටයුතු අඩපණ වීමට ඉඩ නොදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා මැදිහත්ව එම පිරිසට මෙම කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නිවාඩු අනුමත කරදෙන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ස්වේච්ජා සේවකයින්ට නිවාඩු දෙන්න!"

    Post a Comment