22 May, 2017

පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයා, බිරිද නිසා ශ්‍රී ලංකාව අතහැර ඇමරිකාවට …?

Ramith Rambukwella - Natali - 01

ක්‍රිකට් පිටියේ ඇතැම් ක්‍රීඩකයන් ජනප්‍රිය වන්නේ ඔවුන්ගේ දක්ෂතාය නිසාය. තවත් සමහර ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසා බොහෝ දෙනාගේ කථා බහට ලක්වේ .

රමිත රඹුක්වැල්ල යනු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ඔහුගේ ක්‍රියා කලාපය නිසා බොහෝ පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

රඹුක්වැල්ල ජීවිතයේ කඩයිමකට පැමිණ තිබේ සෙල්ලක්කාර රමිතගේ සෙල්ලම් සීමා කිරීමට ඔහු සහකාරියක් සොයාගෙන ඇත. රමිතගේ අලුත් ජීවිතය ගැන රමිත අදහස් දක්වා ඇත.

රමිත් නටලි එක්ක පටන් ගත්ත අලුත් ජිවිතේ වගකීමක් හැටියට දැනේනවා ඇති නේද.. මුලින්ම ඒ ගැන කතා කරමු..?

අලුත් ජිවිතයක්, ඒ ජිවිතේ වගකීමත් තියෙනවා. වෙනසකුත් දැනෙනවා. තනිකඩ ජිවිතේ හිටියට වඩා වෙනසක් දැනෙනවා. දෙන්නා අතර හොද ගැලපීමකුත් තියනවා.සතුටින් ජිවත් වෙන්න උත්සහ ගන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ.

හදිස්සියේම විවාහ ගිවිසා ගත්තේ..?

නටලි ඉන්නේ කලිෆොනියාවල. එයාට විදෙස් ගත වෙන්න තිබුණු නිසා ඉක්මණට විවාහ ගිවිසා ගත්තා. ඊට පස්සේ එයා ගියා. ආයේ එන්නේ ජූලී මාසේ. මමත් සති කිහිපයකට එයා ළගට යනවා.

විවාහ මංගල උත්සවයත් ළගදීම ගන්නවා කියලා ආරංචියි..?

ඔව්. නටලි ජූලී මාසේ ලංකාවට එන්නේ ඒ නිසා තමයි. අපි මේ ආගොස්තු මාසේ විවාහ මංගල උත්සවය ගන්නවා. මේ වෙනකොට ඒකට අවශ්‍ය සියලුම දේවල් ලෑස්ති කරනවා. මේ හැමදෙයක්ම හදිස්සියේම තමයි කරන්නේ.

විවාහයෙන් පස්සේ රමිත් ක්‍රිකට් වලට සමුදීලා නටලි එක්කම විදෙස්ගත වෙනවද..?

නටලි ජූලී මාසේ ලංකාවට ආවට පස්සේ අපි දෙන්නා අවුරුදු දෙකක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි දෙන්නම විදෙස් ගත වෙන්න හිතාගෙන ඉන්නේ. ක්‍රිකට්වලට සමුදෙන්න නම් හිතන්නේ නැහැ දැන්ම.ජාතික කණ්ඩායමට අවස්ථාවක් ලැබෙනකල් උත්සාහ කරනවා දක්ෂතා පවත්වාගන්න. පුහුණු වීම වගේම ක්‍රීඩා සමාජ තරගවලට සම්බන්ධ වෙනවා. අවුරුදු දෙකකට පස්සේ කැලිෆෝනියා යන්න හිතාගෙන ඉන්නෙත් ක්‍රීඩා පැත්තෙන් වැඩ කරන්න හිතාගෙන තමයි. පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරන්න ආසයි. ඒකට අවශ්‍ය කරන විභාග ලංකාවේදී ඉදිරියේදී කරන්න හිතාගෙන ඉන්නේ.

ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබෙන එකට දුකක් ඇති නේද..?

ඇත්තටම දුකක් තියෙනවා. නමුත් අවස්තාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හැමෝටම හොරෙන් ආදරේට හොයා ගත්ත පෙම්වතිය ගැන කිව්වොත්..?

එයාව මට මුණගැහුණේ පාටී එකකදී. දැක්කට පස්සේ හිත ගියා. නමුත් ආදරයක් හිතිලා නෙමෙයි කතා කළේ. එතැනදී දෙන්නා කතා බහ කරලා යාළුවො වගේ ආශ්‍රය කරා. ආශ්‍රය කරාට පස්සේ තමයි මට හිතුණේ මට ආදරේ කරන්න ගැළපෙනම කෙනා මුණ ගැහුණා කියලා. ඊටපස්සේ මම එයාට මගේ යෝජනාව කිව්වා. එයත් මට කැමති වුණා. දැන් අපි ආදරය කරන්න පටන් අරගෙන අවුරුදු එකහමාරක් විතර ඇති.

දේශපාලඥයෙක්ගේ පුතෙක් කියලා ඇය දැනගත්තට පස්සේ ඇගේ ප්‍රතිචාරය කොයිවගේද..?

අපි ආදරේ කළා. නමුත් මගේ දෙමාපියන්වත් මම ගැනවත් එයා හොයලා බැලිවේ නැහැ. මොනාද කරන්නේ කියලාවත් ඇහුවේ නැහැ. මම ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා දන්නෙත් නැහැ. මම කියන්න ගියෙත් නැහැ. නමුත් එයා වගේම එයාගේ ගෙදර අය අපි ගැන දැන ගත්තට පස්සේ බය වුණා. මව විවාහ කර ගන්න අදිමදි කළා. නමුත් එයා මට ආදරේ කළේ ඒ ගැන දන්නේ නැතුව.ටික දවසකින් දෙපාර්ශවයේම ආශිර්වාදය ලැබුණා. මොකද පවුල් දෙකම නුවර නිසා.

කාලයක් විදෙස්ගත වුණ කෙනෙක් විදිහට නටලි භාවිතා කරන්නේ ඒ රටට උචිත විලාසිතා. නමුත් ඒ විලාසිතා අපේ රටට ගැළපෙන්නේ නැති නිසා ඔබ නීති දානවා ඇති නේද..?

එයාට ඉන්නේ අම්මා තාත්තා වගේම අක්කයි අයියයි විතරයි. නටලි පව්ලේ බාලයා. එහෙම කියලා එයාට ඕන විදිහට ජිවත් වෙන්න දෙමාපියන් නිදහස දුන්නේ නැහැ. විදෙස්ගත වෙලා හිටියත් ඒ දෙමාපියන්ට වගේම නටලිට හැදිච්චකම තියෙනවා. එයත් නුවර කෙල්ලෙක්නේ .මගේ අම්මා තාත්තා එයාට ආදරේ කරන්නෙත් ඒකයි.ගැළපෙන විදිහට විලාසිතා කරන නිසා මට නීති දන්නා අවශ්‍ය වෙන්නේ නැහැ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයා, බිරිද නිසා ශ්‍රී ලංකාව අතහැර ඇමරිකාවට …?"

    Post a Comment