31 May, 2017

ගංවතුර අස්සේ කාන්තාවක් රඹුටන් වත්තකට ඇදගෙන ගොස් බිම පෙරළාගෙන අතවර කරන්න හදලා

Rape attempt flood - river - Man

ජල ගැල්මෙන් කොටුවී සිටි මල්වානේ පහල මාපිටිගම ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකට අතවර කිරීමට පෙරේදා පස්වරුවේ 45 හැවිරිදි තිදරු පියෙකු තැත් කර ඇති බව දොම්පෙ පොලිසිය පවසනවා.

දැනට සැඟවී සිටින මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිසිය සඳහන් කරනවා.

පසුගිය 28 වැනිදා මේ කාන්තාව පමනක් පයින් ගමන් කරන විට අදාළ පුද්ගලයා ඇය ඒ අසල රඹුටන් වත්තකට ඇදගෙන ගොස් බිම පෙරළාගෙන ඇයට අතවර කිරීමට තැත් කළ බව කාන්තාව පවසනවා.

ඒ අවස්ථාවේදී අසලින් ගිය පුද්ගලයන් දෙදෙනෙකුට ඇය කෑගසන ශබ්දය ඇසී එම ස්ථානයට එන විට ඔහු දිවගොස් සැඟව තිබුණා.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණියද සැකකරු ගංවතුරේ පීනා පලා ගොස් තිබුණා.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් හඳුනාගෙන තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගංවතුර අස්සේ කාන්තාවක් රඹුටන් වත්තකට ඇදගෙන ගොස් බිම පෙරළාගෙන අතවර කරන්න හදලා"

    Post a Comment