16 May, 2017

“අද තරඟයට කණ්ඩායම තේරීම හිසරදයක් වෙලා..” මහේල

Mahela - Malinga

IPL තරඟාවලියේ පලමු වටයේ සාර්ථකම කණ්ඩායම ලෙස ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන දිනා සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දෙවන ස්ථානය දිනාගත් පුනේ කණ්ඩායම අතර තරඟය අද(16) මුම්බායිහිදී පැවැත්වේ.

අද තරඟයේ ජයග්‍රාහී කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලබන නිසා අද ඉතා තියුණු තරඟයක් අපේක්ෂා කල හැක.මුම්බායි ප්‍රදාන පුහූණුකරු මහේල ජ්යවරදන පවසන්නේ මේ තරන්ගයට කණ්ඩයම තේරීම තමාට හිසරදයක් වී ඇති බවයි.

මුම්බායි කණ්ඩායම මුලික වටයේ ක්‍රීඩා කල අවසන් තරඟයේදී ප්‍රබල තුරුම්පු විවේක ගන්වා තරඟ කල අතර කල්කටා කණ්ඩායමට එරෙහිව එම තරඟය ජයගත්තේ තරඟයේ අවසථාව හිමිවූ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මතිනි.මේ නිසා එම තරඟයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගේ ස්ථානවලට විවේක ගැන්වූ ක්‍රීඩකයන් කැඳවීමද ප්‍රශ්නයක් වී ඇත.එම තරඟයේ අර්ධ ශතක ලබාගත් රයිදු සහ තිවාරි එදින ක්‍රීඩා කලේ මේ තරඟාවලියේ ඔවුන් ක්‍රීඩා කල පළමු තරඟයටය.

“ඇත්තටම අවසන් කණ්ඩායම තෝරන එක හිසරදයක් වෙලා.ඔක්කොම ලැබුන අවස්ථා වලින් හොඳටම වැඩ පෙන්වල තියනවා.අපි බලමු හැමදේම හිතල හොඳ කණ්ඩායමක් දාන්න ඕන.”

“අපිට ලොකු දෙයක් කරන්න ඕන නෑ,කරගෙන ආපු විදියට කලාම හොඳටම ඇති,අද තරඟය තියෙන්නේ අපේ ක්‍රීඩාංගනයක මම බලාපොරොත්තු වෙන්ව අපේ ප්‍රේක්ෂකයෝ අපේ කණ්ඩායම දිනවන්න ක්‍රීඩාංගනයට එයි කියලා.”- මහේල ජයවර්දන. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“අද තරඟයට කණ්ඩායම තේරීම හිසරදයක් වෙලා..” මහේල"

    Post a Comment