25 May, 2017

සයිටම් විරෝධීන්ට කඳුළු ගෑස් : ලක්බිම නිමල්සිරිට තුවාලයි

Lakbima Nimalsiri injured

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමනට කොළඹ ලෝටස් පාරේදී ඊයේ (24) පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ජල ප්‍රහාරක රථ ද යොදා ගනිමින් පොලිසිය එම පිරිස පළවා හැරීමට කටයුතු කළ අතර පාගමන කොළඹ කොටුව දුම්රියපොළ අසලින් අද දහවල් ආරම්භ කෙරිණි.

නිමල්සිරි තුවාල ලබයි !

පොලිස් ජල පීඩන ජල ප්‍රහාරයකට ලක්වූ ලක්බිම පුවත්පතේ ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහ මහතා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

උද්ඝෝෂකයින් පොලිස් අණ නොතකයි !

උද්ඝෝෂකයන් පොලීස් අණ නොතකා පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇති ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාම සැරසුණ අවස්ථාවේ උද්ඝෝෂකයන් හා පොලීසිය අතරේ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. ඉන් පසු තමන් සතු නීතිමය බලය යෙදීමට පෙර වහාම ඉවත් වන්නැයි උද්ඝෝෂකයන්ට දැනුම් දුන් පොලීසිය ඉන් පසු මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කොට ඇත.

මෙම උද්ඝෝෂණය නිසා කොළඹ කොටුව, ගාළු මුවදොර ඇතුළු අගනුවර ප්‍රදේශ ගණනාවක දැඩි රථවාහන තද බදයක් දක්නට ලැබිණි. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සයිටම් විරෝධීන්ට කඳුළු ගෑස් : ලක්බිම නිමල්සිරිට තුවාලයි"

    Post a Comment