23 May, 2017

හොරිවිල වෙද මහතාගෙන් සුවය ලැබූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකයා

Horiwila Shantha Senewirathna DR-01

දකුණු අප්‍රිකාවේ බර ඉසිලීමේ ක්‍රීඩකයකු ට කොන්දේ හා බෙල්ලේ ඇතිවූ ආභාධිත තත්වයක් නොමිලේ සුවකර දීමට දේශීය පාරම්පරික හොරිවිල කැඩුම් බිදුම් වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉදිරිපත්වී සිටිනවා.

මෙසේ සුවය ලබමින් සිටින්නේ ජස්ටින් ශේන්ග්වන් (30) නමැති තරුණයාය.

කුඩා කාලයේ සිට මළල ක්‍රීඩා කළ ඔහු බර ඉසිලීමේ පුහුණුවීම් තුලදී කොන්ද හා බෙල්ලේ අභ්යන්තර ආභාධයකට ලක්ව ඇත. වසර ගණනාවක් විවිධ රටවලින් බටහිර ප්‍ර‍තිකාර ලබා ගෙන ඇත ගඔහු අවසානයේ රෝගී තත්වය නිසා මානසික ආතතියට පත්ව රැකියාවේ පවා ප්‍ර‍ශ්න පවා ඇතිවී තිබෙනවා.

මෙරට මිතුරකු හමුවී මේ තරුණයාට හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ලෙඩ රෝග සුව කරන ආකාරය පිළිබධව වීඩියෝ පටයක් අන්තර් ජාලය හරහා පෙන්වීමෙන් පසු ඔහු මෙම ප්‍ර‍තිකාර සඳහා යොමුව තිබෙනවා.

ඒ අනුව ඔහු සේවය කරන ඩුබායි හි පුද්ගලික ආයතනයෙන් යාමට ඒමට ගුවන් ටිකට්පත් වලට මුදල් ඉල්ලාගත් ජස්ටින් රුපියල් 40000ක් මුදලක් සොයාගෙන පසුගිය අප්රේල් මස 17 වන දින ලංකාවට පැමිණ හොරිවිලට පැමිණ ඇත. තමන් පත්ව ඇති තත්වයත් රෝගී තත්වයත් මුදල් නොමැති කමත් ගැන ඔහු වෙද මහතාට දැනුම්දී දවසේ පැය 24 පුරා විදින වේදනාව දැනුම්දී රෝගී තත්වය සුව කර දෙන්නැයි ඉල්ලා තිබෙනවා.

ඔහුට හොරිවිල වෙදගෙදර නේවාසිකව ප්‍ර‍තිකාර කිරීම ශාන්ත සෙනවිරත්න වෙදමහතා ආරම්භ කර ඇති අතර මසක් ගතවද්දී තමා වසර ගණනාවක සිට පවතී වේදනාව සුව වී මානසික තත්වය සුව අතට පත්වෙමින් සිටිනා බව ජස්ටින් පවසනවා.
“මට දැන් ගොඩක් සුවයි. ඇත්තටම මම හිතාගෙන හිටියේ ජිවිතය පවා අහිමිවේවි කියල. මම බෙල්ලේ කිලෝ 5ක බරක් එල්ලගෙන වගේ පැය 24 පුරා වසර ගණනාවක ඉදලා දුක් වින්දා. මම සදාකාලිකව වෙද මහතාට වගේම ලංකාවේ මිනිස්සුන්ට ණයයි. ලංකාවේ ජනතාව වගේ මිනිස් කම හදුනන අනුන්ට උපකාර කරන පිරිස මට හමුවෙලා නෑ. මට නවාතැන් ආහාර ප්‍රතිකාර විතරක් නොවේ මානසික සුවය‍‍ත් ලබාදුන්නා. තව දින කීපයකින් මම ලංකාවෙන් යනවා හැබැයි මම ලංකාව අමතක කරන්නේ නැහැ.“

මම සල්ලි නැතිව ලෙඩේ සුවකරගන්න මානසිකත්වයෙන් වෙනත් රටකට ඇවිල්ලා මේ ආකාරයෙන් සුවය ලබයි කියලා කියන එක මට තවමත් හීනයක් ගහොරිවිල වෙදමහතා ලෝකේ ඉන්න දෙවි කෙනක් කියලයි මට හිතෙන්නේ.

Horiwila Shantha Senewirathna DR-02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හොරිවිල වෙද මහතාගෙන් සුවය ලැබූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකයා"

    Post a Comment