25 May, 2017

සංජීව ගේ Withered Leaf නැවතත් අන්තර්ජාතික ඇගයුමට (Video)

Duminda Sanjeewa - Withered Leaf

දුමින්ද සංජීව ගේ ප්‍රථම චිත්‍රපටය වන Withered Leaf ස්පාඤ්ඤයේ පැවෙත්වෙන දහසය වන Imagine India අන්තර්ජාතික සිනමා උළෙලේ නිර්දේශිත චිත්‍රපට අතරට තේරීපත්ව තිබේ.

මෙම සිනමා උළෙල ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේදී පසුගියදා පැවැත්විය.

චිත්‍රපටය අන්තර්ජාතික වශයෙන් ඈගයෙන තුන්වන අවස්ථාව මෙය වන අතර මීට ප්‍රථම ඉන්දියාවේ ගෝවා ෆිල්ම් බසාර් හිදී හා චීනයේ හොනාෂු නගරයේ පැවති 57වන ආසියා පැසිපික් සිනමා උළෙලේදී ඇගයීමට ලක් විය. එම චිත්‍ර පටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නැරඹිය හැක.



Withered Leaf _Official Trailer from Duminda Sanjeewa on Vimeo.

(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංජීව ගේ Withered Leaf නැවතත් අන්තර්ජාතික ඇගයුමට (Video)"

    Post a Comment