24 May, 2017

දුලීකා හා සුජීවගේ බලාපොරොත්තුවක් ඉටු වෙලා

Dulika Marapana - 01

දුලීකා මාරපනත් සුජීව ප්‍රියලාලුත් කලා ක්ෂේත්‍රයට අලුත් යමක් එක් කරන්නට නිතරම උත්සාහ ගන්නා යුවළක්. ලෝරන්ස්ගේ මනමාලි සමඟ රට වටේ ගිය මේ දෙන්නා දැන් තවත් අලුත්ම භූමිකාවකට පණ පොවන්න සූදානම් වෙන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා.

මේ ගැන තොරතුරු සොයා බලන්න ඕන කියලා අපි හිතුවා. ඒ හින්දම අපි දුලීකව සම්බන්ධ කර ගත්තා. ‘මේ දවස්වල මමත් සුජීවත් වෙහෙසෙන්නේ අපි දෙදෙනා එක්ව නිර්මාණය කරන්නට සූදානම් වෙන නවතම චිත්‍රපටය වෙනුවෙන්. එහි පුර්ව නිෂ්පාදන කටයුතු සැලැසුම් කරගෙන යනවා. එනිසා අවිවේකී කාලයක් තමයි ගත කරන්නේ. කාලයක සිටම සුජීවගෙත් මගෙත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. එය ඉටු කරගන්න තමයි දැන් සූදානම් වෙන්නේ.

මෙය අධ්‍යක්ෂණය කරන්නේ සුජීව. මම චිත්‍රපටයේ ප්‍රඩක්ෂන් එකේ සියලුම කටයුතු සොයා බලමින් සහාය වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදිකාව මගේ සහෝදරියක් වෙන කල්‍යාණි රණවක.

නෝත් වෙස්ට් ප්‍රඩක්ෂන් එකක් ලෙස මෙය නිර්මාණය වෙනවා. තවම මේ චිත්‍රපටයට නමක් යොදා නැහැ. නමක් යෝජනා මට්ටමේ පවතිනවා. ඒ තමයි ‘සුපර්ණා‘මේ චිත්‍රපටයේ කතා තේමාව වුණේ ස්වභාවික පරිසරය රැක ගැනීම පිළිබඳවයි. මේ ඔස්සේ දේශීය සංස්කෘතිකාංග සඳහා වටිනාකමක් ලබා දෙන්නට අපි උත්සාහ දරනවා.

මේ චිත්‍රපටය පවුලේ හැමදෙනාටම එකට හිද රසවිදින්ට පුළුවන් ලෙසයි නිර්මාණය වන්නේ. ගැලරියෙන් දුරස් වූ ගැලරියේ විසිල් හඬ යළිත් වරක් ගැලරියට රැගෙන එන්නයි අපි උත්සාහ කරන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුලීකා හා සුජීවගේ බලාපොරොත්තුවක් ඉටු වෙලා"

    Post a Comment