24 May, 2017

ඉතිහාසයේ චරිත කිරීම දුෂ්කර කටයුත්තක්

Dulani Anuradha - Hemal Ranasinghe

විවිධාංග චරිත නිරූපණයෙන් සිය රංගන ප‍්‍රතිභාවන් එළි දක්වමින් වර්තමාන කලා ක්ෂේත‍්‍රය අලෝකමත් කිරීමට බිහි වූ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් ලෙස දුලානි අනුරාධා හැඳින්විය හැකියි.

පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැගුම් ගත් චරිත ඉදිරිපත් කළ ඇය විටෙක සම්මානයන්ට ද පාත‍්‍ර වුණේ දක්ෂතා පරිපූර්ණ කලා කාරිනියක වූ නිසාමයි.

මේ දිනවල බන්ධනය චිත‍්‍රපටය හරහා වැඩි කතා බහකට ලක්ව ඇති ඇය ගැන කතා කිරීමට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් වෙන්නේ ඇයට ආදරය කරන පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන්මයි.

මේ දිනවල තිරගත වන ”බන්ධනය” චිත‍්‍රපටයෙ චරිතෙ ගැන කතා කරමුද?

ගැමි තරුණ මවකගේ චරිතයක් කරන්නේ. ඇයගෙ දරුවට පවුල් පසුබිම හරහා වන ප‍්‍රශ්නයක් නිසා දරුවට සිදු වෙන කරදරයක් ගැන තමයි කතාවෙ තියෙන්නේ.

දුලානි බන්ධනයට සම්බන්ධ වුණේ කොහොමද?

උදයකාන්ත වර්ණසූරිය මහත්මයා තමයි මට කතා කළේ. මම මේ චරිතය කරනවට ඔහු කැමැත්තෙන් හිටියා.

මම පිටපත කියවලා බැලූවම මමත් ඒ චරිතෙට කැමැත්තක් දැක්වුවා. කොහොමත් මම ඔහුගේ චිත‍්‍රපටයකට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියෙ. ඒ නිසා ඒ චරිතය නොපැකිළිව භාර ගත්තා.

මීට පෙර දුලානි ගොඩක් සම්බන්ධ වෙලා හිටියෙ ඉතිහාස ගත චරිත වලටනෙ. ඒවත් එක්ක බලද්දි මේ චිත‍්‍රපටයෙ චරිතය ගොඩක් වෙනස්. ඒ වෙනස කොහොමද දැනුණෙ?

මේ චිත‍්‍රපටයෙ චරිතය වර්තමානයට ටිකක් ළඟ චරිතයක්. මම මීට පෙර පරාවර්ථන චිත‍්‍රපටයට සම්බන්ධ වෙලා හිටියා. ඒ කතාවත් මේ කියන ගැමි පරිසරය වටා තමයි ගෙතිලා තිබුණෙ.

මෙහිදීත් තිබුණෙ ගැමි පරිසරය තුළ සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ රඟපෑමනෙ.

ඉතිහාස කතාවල චරිතයි, සාමාන්‍ය චරිතයි අතර වෙනස දුලානිට කොහොමද දැනුණෙ?

සාමාන්‍ය චරිත රඟපෑම ඇත්තටම ලේසියි. මොකද ඉතිහාසගත චරිතවල ඒ පසුතලත් එක්ක ඒ ඇඳුම් සහ වස්ත‍්‍රාභරණ ආදී ගොඩක් පළඳින්න වෙනවා. නමුත් සාමාන්‍ය චරිත වල තියෙන ඇඳුම් පැළඳුම් හරි සැහැල්ලූයිනෙ. මොකද චීත්ත ගවුම් එහෙමනෙ අඳින්න තියන්නේ. ඉතින් ඒවත් එක්ක බලද්දි ඉතිහාස ගත චරිත කරන එක ගොඩක්ම අමාරුයි. ගොඩක් ඈත දුෂ්කරව තමයි රූගත කිරීම් වුණත් තියෙන්නේ. ඉතින් ඇත්තටම ලොකු මහන්සියක් දරන්න වෙනවා ඓතිහාසික චිත‍්‍රපටයක රඟපාන්න.

ඉතිහාස ගත කතා වලදී ඒ චරිත මුල සිටම අධ්‍යයනය කරන්නත් අවශ්‍යද?

ඔව්. අධ්‍යයනය කිරීමකුත් කරනවා.

ඊට අමතරව අධ්‍යක්ෂතුමා එක්කත් කතා බහ කරනවා. සමහර වෙලාවට චිත‍්‍රපටවල ඓතිහාසික කතාවල එක පැත්තක් විතරයි සඳහන් වෙන්නේ. ඒ වගේම අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදියට නිර්මාණශීලීව ඒ චරිත ගොඩ නැගෙන්නේ. ඒදේ කතා කර ගෙන තමයි චරිතයක් නිර්මාණය කර ගන්නේ.

වැඩි කැමැත්තක් දක්වන්නේ මේ අතරින් මොන චරිත වලටද?

එහෙම කියන්න බෑ. ඉතිහාසගත චරිත රඟ පාන්න ලැබුණු එක ලොකු වාසනාවක් කියලා හිතෙනවා. මොකද ඒ වගේ චරිත. කාටවත් අමතක වෙන්නෙත් නෑනේ. මතකයෙ රැුඳිලා තියෙන ප‍්‍රමාණය වැඩියි. ඒක ලොකු වාසනාවක්. එහෙමයි කියලා වර්තමානයේ දිවෙන සාමාන්‍ය චරිත රඟපාන්න අකමැතියි කියන එක නෙවෙයි මම කියන්නේ.

”බන්ධනය” චිත‍්‍රපටයෙ අන්තර් ගත වෙලා තියෙන්නේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් පිළිබඳ කතා පුවතක්නෙ. දුලානිට ඒ දේවල් පිළිබඳ විශ්වාසයක් තියෙනවද?

දැන් කාලෙදි නම් ඒ ගැන ටිකක් අමාරුයි හිතන්න. ඒත් ඈත කාලෙ නම් යන්ත‍්‍ර මන්ත‍්‍ර කියන දේවල් හරියට තිබුණා. නමුත් මේ වෙද්දි ඒ ශාස්ත‍්‍රය හරියට දැන් උගත් පිරිස අඩුයි. ඒ නිසා තමයි එහි ප‍්‍රතිඵල අපිට පේන්න නැත්තේ. මොකද ඒ කාලෙ තිබුණු ඒ පරම්පරාව, ඒ ගුරු කම් ඒ හැමදේම මේ වෙද්දි විනාශ වෙලා ගිහින්.

සමස්තයක් විදියට ගත්තම චිත‍්‍රපටය ගැන මොකද හිතෙන්නේ?

චිත‍්‍රපටය ඇත්තටම හොඳයි. ලංකාවෙ මෙතෙක් නොකරපු වෙනස් විදියෙ නිර්මාණයක්. ඒ සඳහා උචිත විදියට කලූ සුදු විදියට කරපු එකත් මම හොඳයි කියන තැන දකිනවා. 3ෘ තාක්ෂණයෙන් එළිදැක්වුණේ. ඒකත් ගොඩක් විශේෂයි. මොකද ලංකාවෙ චිත‍්‍රපටි එහෙම කෙරිලා නෑ. සමස්තයක් විදියට ගත්තම චිත‍්‍රපටය බලපු හැම කෙනෙක්ම හොඳ චිත‍්‍රපටයක් කියන එක තමයි කිව්වේ.

ඒ සඳහා රංගනයේ යෙදුණු පුංචි දරුවගෙ රඟපෑම ගැන මොකද හිතෙන්නේ?

සහේලි ඇත්තටම දක්ෂ ළමා නිළියක්. ඇය මීට පෙර ටෙලි නාට්‍ය වල රඟපාලාත් තියෙන කෙනෙක්. ඉතින් ඇය ඉතා හොඳින් පහසුවෙන් ඇයගෙ චරිතය කළා කියන දේ තමයි මම දැක්කෙ. ඇය පිළිබඳව වද වෙන්න වුණේ නෑ අපිටවත් අධ්‍යක්ෂවරයාටවත්. මම හිතනවා ඇයගේ ඒ දක්ෂතාව තව ඉදිරියටත් තියෙයි කියලා.

දුලානි කිහිපවරක් හොඳම නිළිය සම්මානයට පාත‍්‍ර වුණානෙ? මේ අවුරුද්දේ ඒ ගැන තියෙන බලාපොරොත්තු කොහොමද?

ලොකු බලාපොරොත්තුවක් නෑ. ඒ පිළිබඳව සමහර වෙලාවට මාව නොමිනේට් වෙනකම් දන්නෙත් නෑ. නමුත් ඕනෑම කෙනෙකුට ජීවිතේට ගොඩක් වටිනවා ඇගයීම් කියන දේ. ඉතින් ඒක මට හෝ වේවා වෙනත් කෙනෙකුට වේවා තිබිය යුතු දෙයක්.

දැන් කී වතාවක් සම්මානයට පාත‍්‍ර වෙලා තියෙනවද?

හොඳම නිළියට සිග්නීස් සම්මාන දෙවතාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම සරසවි සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. සහ නැගී එන නිළියට හිමි සම්මානයත් ලැබිලා තියෙනවා.

දුලානි අනුරාධා කියන්නේ රංගන ශිල්පිනියකට අමතරව නර්තන ශිල්පිනියක්නෙ. මේ අංශ දෙක සමබර කරගෙන යන්නේ කොහොමද?

නර්තන ශිල්පිනියක් කියන්නේ පාසල් නර්තන ගුරුවරියක් කියන එකනෙ. මම ඇත්තටම අවුරුද්දකට එක චිත‍්‍රපටයක් සහ එක ටෙලි නාට්‍යයක් වගේ තමයි භාර ගන්නේ. ඒකත් එක්ක ඉතිරි වෙලාව පාසලට සහ සමාජමය වැඩ කටයුතු පෞද්ගලික වැඩ කටයුතු වලට යොදා ගන්නේ. ඇත්තටම මේ දේවල් එක්ක අවුරුද්ද ඉවර වෙනවා දැනෙන්නේ නෑ.

කලා කටයුතු එක්ක පාසලේ වැඩ වලට බාධා වෙන්නේ නැද්ද?

මම ඒක ලොකුවට බාධාවක් කර ගන්නෙ නෑ. මොකද නිවාඩු කාල සීමාව මාස 3 ක් තියෙනවා. ඊට අමතරව මගෙ තියෙන නිවාඩු එක්ක මම වැඩ කර ගන්නවා. ලොකු බාධාවක් වෙන්නේ නෑ. මොකද නර්තනය සඳහා තව ගුරුවරු පාසලේ ඉන්නවා. මම නැති වෙලාවට ඒ අඩුව ඒ ගොල්ලො පුරවනවා. ඒ වගේම හොඳ විදුහල්පතිනියක් සහ හොඳ ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඒ හැමෝම මට ගොඩක් උදව් කරනවා. ඒ නිසා මගෙ වැඩ වලට බාධාවක් නෑ.

ඒ ජීවිතේ සුන්දරත්වය ගැනත් කතා කරමු?

ඇත්තටම ළමයි එක්ක වැඩ කරද්දි හරි සතුටුයි. ඒක වෙනම හැඟීමක්. මම හැම වෙලේම වගේ ළමයින් එක්ක ළඟින් ආශ‍්‍රය කරනවා. ඇත්තටම ළමයින්්ගේ හිත් හරි පිරිසිදුයි. හිතන පතන දේවල් වල කුණු නෑ. ආත්මාර්ථකාමීත්වය නෑ. වැරැුද්දක් වුණත් නොදැනුවත්කමින් වෙන්නේ. ඉතින් මට ගොඩක් එයාලගෙ ආදරේ ලැබෙනවා. මමත් හරිම ආදරෙයි. තරවටු කරන වෙලාවලූත් තියෙනවා. ඒ හැම දේ එක්කම හරි සතුටින් ඒ ජීවිතේ ගෙවෙනෙවා.

ඒ වගේම ළමයින් එක්ක නොයෙකුත් නිර්මාණ කරනවා. ඒවගෙන් ජයග‍්‍රහණය ලැබෙනවා. ඒ හැමදේම ඉතින් හරිම සොඳුරුයි.

දුලානි මේ දවස්වල දායක වෙලා ඉන්න නිර්මාණ ගැන කතා කළොත්?

මේ දවස්වල නම් කිසි දේකට සම්බන්ධ වුණේ නෑ. මොකද මම භාර ගත්තේ නෑ. මගේ පාසලේ නර්තන තරග වලට ළමයි සමග සම්බන්ධවුණ නිසා.

පුංචි තිරයෙ සබඳ එළියස් කියන ටෙලි නාට්‍යය නම් විකාශය වෙනවා.

ඊට අමතරව තව ටෙලි නාට්‍යය දෙකක් එන්න තියෙනවා. වැඩ කරමින් පවතින ටෙලි නාට්‍යය දෙකකුත් තියෙනවා.

ඉතින් කොහොමද ජීවිතේ ගෙවෙන්නේ?

කාර්ය බහුලත්වයත් එක්ක මගෙ ගැන හිතන්නවත් නැති විදියට කාලය ගෙවෙන්නේ. ඒවත් එක්ක ඉතින් කොහොම හරි ජීවිතේ සමබර කරගෙන ජීවත් වෙනවා.

මම ගැන හිතන්නවත් කාලයක් නෑ කියන්නේ එතකොට විවාහය ගැන හිතන්නවත් වෙලාවක් නැද්ද?

නෑ නෑ විවාහයට තවත් ටිකක් කල් යයි. මොකද මේ නිදහස් ජීවිතේට මම ගොඩක් කැමතියි. විවාහය කියන්නේ තවත් බන්ධනයක්නෙ. ඒ බන්ධනය ගැන හිතනවා කියන්නේ ජීවිතේම බන්ධනයක් වෙනවා.

ධනු විජේරත්න (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉතිහාසයේ චරිත කිරීම දුෂ්කර කටයුත්තක්"

    Post a Comment