18 May, 2017

හේමාල් තුන්කොන් පෙමක පැටලෙයි

Dedunu Akase - Hemal - Teena

ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණ දේදුනු ආකාසේ ළඟදීම තිරයට එන බවක් තමයි ආරංචිය.

මේ වෙනකොට එහි පූර්ව ප්‍රචාරක පටයත් කළ එළි බැහැලා.

තුන් ඈඳුතු ආදරයක් තේමා කරගත් සංවේදී ආදර කතාවක් වන "දේදුනු ආකාසේ" සිනමා සිත්තම සඳහා රංඟනයෙන් හේමාල් රණසිංහ, ශනෙල් ප්‍රනාන්දු, චුලක්ෂි රණතුංග, ජයලත් මනෝරත්න, මාදනී මල්වත්ත, ශ්‍රීමාල් වෙඩිසිංහ සමග සහෙලි සදිත්මා දායක වේ.

ස්වර්ණවාහිනී ප්‍රථම සිනමා නිෂ්පාදනය වන්නේ ද "දේදුනු ආකාසේ" සිනමා සිත්තමයි.

දේදුනු ආකාසෙහි කැමරා අධක්ෂණය රංග එස්. බණ්ඩාරගෙනි. මේඝ කාවින්ද කොළඹගේ සමඟ ඩිරාන් විජයසිංහ සංස්කරණ ශිල්පීන්ය. චිත්‍රාල් සෝමපාලගේ සංගීත අධ්‍යක්ෂණයකි.

ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. මංගල ප්‍රනාන්දුගේ කලා අධ්‍යක්ෂණයකි. නලීන් ප්‍රේමතිලක අංග රචනා ශිල්පියාය. අශෝක ආරියරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. උදෙනි අල්විස් නිශ්චල ඡායාරූපකරණයෙන් ද උපුල් ශාන්ත සන්නස්ගල, නන්දන වික්‍රමගේ, වජිර මහකනුමුල්ල සහ ප්‍රියන්ත කොළඹගේ ගීත රචනයෙන් ද, ජනක උල්ලදුපිටිය ඇඳුම් නිර්මාණයෙන් ද, පාලිත තෙන්නකෝන් සහ රුවින් මාලිංග රේඛිය නිෂ්පාදනයෙන් ද මෙයට දායක වේ. 



Dedunu Akase

(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හේමාල් තුන්කොන් පෙමක පැටලෙයි"

    Post a Comment