04 May, 2017

අරවින්ද ඉල්ලා අස්වෙයි ?

Aravinda De Silva-03

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක හා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ඊයේ (03) පස්වරුවේ සිය ඉල්ලා අස්වීම ලබාදී ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මහතා, මෙසේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ චැම්පියන්ස් කුසලාන තරගාවලියට ඔහුගේ අදහස් විමසීමකින් තොරව වේගපන්දු විශේෂඥ පුහුණුකරුවකු ලෙස දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දුයවන්නකුව සිටි ඇලන් ඩොනල්ඩ් ගෙන්වීම හා එම තරගාවලියට සහභාගිකරවන නිලධාරීන් තොරා ගැනීම යන කාරණාව බවද පැවසේ.

කෙසේවුවද, මේ සම්බ්නධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනය මෙතෙක් තහවුරු කිරීමක් නොකළේය. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අරවින්ද ඉල්ලා අස්වෙයි ?"

    Post a Comment