17 May, 2017

සැමියාට සිහිය නැති වෙන්නම පොවා සිසුවෙකු සමඟ ලිංගිකව එක්වූ ගුරුවරිය

Teacher-sex-with-student

තමන්ගේ පාසලේ සිසුවෙකු සමඟ ලිංගිකව එක්වූ අමුතු ගුරුවරියකට ලැබුණු දඬුවමක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රදේශයෙනි.

අදාළ ගුරුවරිය විසින් ඇයගේ පාසලේ සිසුන් කණ්ඩායමකට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.

එහිදී පැවති සාදයකදී තම සැමියාට අධික ලෙස මත්පැන් ලබාදීමෙන් අනතුරුව මෙම ගුරුවරිය අදාළ සිසුවා සමඟ ලිංගිකව එක්වී ඇත.

අදාළ සිසුවා 18 හැවිරිදි වියේ පසුවන අතර Jessica Storer නම් මෙම ගුරුවරියගේ වයස අවුරුදු 29 කි.

සැකකාර ගුරුවරියගේ සැමියාගේ වයස අවුරුදු 33 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගුරුවරිය විසින් තමන් අපයෝජනය කිරීමෙන් අනතුරව ඒ බව සඳහන් කරමින් අදාළ සිසුවා විසින් ලිපියක්ද ලියා තිබේ.

එහි සඳහන් වන්නේ අදාළ සිදුවීමෙන් පසුව තමන්ට සියදිවි හානිකරගැනීමට සිතුණු බවයි.

අනතුරුව මේ පිළිබඳව එරට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

පසුව නඩුව සඳහා අධිකරණයට පැමිණි එම ගුරුවරිය තමන් අදාල සිදුවීමට වැරදිකරු බවට පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී විනිසුරු Randall Basinger විසින් ගුරුවරියට වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැමියාට සිහිය නැති වෙන්නම පොවා සිසුවෙකු සමඟ ලිංගිකව එක්වූ ගුරුවරිය"

    Post a Comment