25 April, 2017

ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ට වරෙන්තු

thilakarathna-dilshan-wife

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඊයේ (24) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙසේ වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාට වරෙන්තු නිකුත් කළේය.

නඩත්තු නඩුව කැඳවු අවස්ථාවේ දි වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනි නොසිටි අතර අදාල නඩත්තු මුදල් ගෙවිම් ද පැහැර හැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

වගඋත්තරකාර තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතිසි නිකුත් කරමින් නඩුව යළි කැඳවීම මැයි මස 24 වන දිනට කල් තැබිණ. (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ට වරෙන්තු"

    Post a Comment