23 April, 2017

තත්පර ගාණකින් ජීවිත මිලියන 30ක් නැති වෙන හැටි බිල්ගේට්ස් හෙළිකරයි

bill gates-2017.04.23

වර්තමානයේ ලොව ජෛව විද්‍යාත්මක අවි භාවිත කරනු ලබන ත්‍රස්තවාදීන් හට කෙටි වේලාවකින්,....ඉතා පහසුවෙන්ම මිලියන තිහකට වඩා පිරිසකගේ ජීවිත විනාශ කර දැමීමේ හැකියාව ඇතැයි මයිකේ‍රාසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අවධාරණය කරයි.

බිල් ගේට්ස් විසින් "රුසී" (අඋඉධ්) නමැති කෙටි නාමයෙන් හඳුන්වන ලන්ඩන්හි රාජකීය එක්සත් සේවා ආයතනයේ පවත්වන ලද දේශනයකදී එම කරුණු පෙන්වා දී තිබේ.

මාරක බැක්ටීරියා සහ මාරක වෛරස් වැනි ජෛව විසබීජ පතුරුවා හැරීම මඟින් එම ක්‍රියාව වේගවත්ව කළ හැකි අවදානම වර්තමානයේදී ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවද බිල් ගේට්ස්් ප්‍රකාශ කරයි.

වර්තමානය වනවිට ජීව විද්‍යාව විශාල ලෙස දියුණුවට පත්වීමේදී ත්‍රස්තවාදීන් හට වසූරිය වැනි අතිශය මාරාන්තික මිනිසාට නැවත ප්‍රතිශක්තියක් ඇති නොකරන සහ මිනිසා විසින් මෙතෙක් ඔෟෂධයක් සොයාගෙන නොමැති දරුණු විසබීජයන් පවා නැවත නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව පෙන්වා දෙන බිල් ගේ‍ර්ට්ස් ප්‍රකාශ කරනුයේ වර්තමානයේදී ලොව "ජෛව ත්‍රස්තවාදය වසංගතයකටත් වඩා විශාල තර්ජනයක්" වී ඇති බවය.

ජෛව විසබීජ අවියකින් ලොවට සිදුකළ හැකි හානිය න්‍යෂ්ටික අවියකින් සිදුකළ හැකි හානියකටත් වඩා අති විශාල යැයි ඔහු පෙන්වා දෙයි.

ලොවේ හිතාමතාම නිර්මාණය කරන මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාර ස්වාභාවික ව්‍යසනයක් ලෙසින් දිස්විය හැකි බැවින් එයින් ඇතිවන අවදානම අතිවිශාල යැයිද, වර්තමානයේදී ලෝකය මේ කරුණ පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පවසයි.

සිකා වයිරස් වසංගතය සහ ඉබෝලා වයිරස් වසංගතය විසි එක්වන සියවසේ මාරාන්තික ව්‍යසනයන් සිදුකළ හැකි විසබීජ ලෙස හඳුනා ගෙන ඇති අතර වසර 1919දී ලොව පුරා මිලියන සියයක් පමණ දෙනා ජීවිතක්ෂයට පත් කළ ස්පාඤ්ඤ උණ වසංගතය සුරංගනා කතාවක් නොව මෙවැනි තත්ත්වයන්ට ජීවමාන සාක්ෂි සපයා දෙන බවද බිල් ගේට්ස් අවධාරණය කරයි. (රෝහණ බමුණුආරච්චි-මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තත්පර ගාණකින් ජීවිත මිලියන 30ක් නැති වෙන හැටි බිල්ගේට්ස් හෙළිකරයි"

    Post a Comment