ඔවුන් පෙන්වා දෙන්නේ යානය පිළිබඳව සොයාබැලීම් සිදුකළ ප්‍රධාන කලාපයෙන් උතුරට වූ ප්‍රදේශය බොහෝ දුරට යානය කඩා වැටුණු ස්ථානය බවයි.
චීනයේ බීජිං නුවර සිට මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර දක්වා පුද්ගලයන් 239 දෙනෙකු සමග පියාසර කරමින් තිබූ මෙම යානය 2014 මාර්තු මාසයේදී අතුරුදන් විය.
කෙසේ වෙතත්, මෙම යානාය සොයා ලෝකයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම
සිදුකළත් යානය පිළිබඳ ප්‍රබල හෝඩුවාවක් නොලැබීම නිසා එම සොයාබැලීම් ඔස්ට්‍රේලියාව, චීනය හා මැලේසියාව විසින් පසුගිය ජනවාරි මාසයේදී අත්හැර දමනු ලැබිණි.
නමුත්, යානයේ පියාපත් කොටසක් 2015 වසරේදී රීයූනියන් දූපත් ආශ්‍රිතව සොයාගැනුණු අතර, මෙම කොටස ගසාගෙන පැමිණි ආකාරය මෙන්ම, එවැනි අනුරුවක් යොදාගෙන සිදුකළ පර්යේෂණයන්හි ප්‍රතිඵලද අවධානයට යොමුකරමින් මෙම නව මතය විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඔවුහු පවසන්නේ යානය සම්බන්ධයෙන් පසුගිය කාලයේ හමුවූ පියාපත් කොටස ඇතුළු කොටස් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ අනුව යානය මීට පෙර සෝදිසි මෙහෙයුම් සිදුකළ ඉන්දීය සාගරයේ දකුණුදිග වූ ප්‍රධාන කොටසින් වර්ග කිලෝමීටර් 25,000ක් උතුරට මෙම නව කලාපය ආශ්‍රිතව අනතුරට පත්වන්නට ඇති බවයි. ( නරේන් විශ්වජිත් -අද)

Share this
|
|
0 Comment to "MH370 පිළිබඳව අලුත් හෝඩුවාවක් ඉදිරිපත් වේ"
Post a Comment