07 April, 2017

වඳුරකු සේ හැසිරෙන අවු 8 ක දැරියක් නිරුවතින් සිටියදී කැළයකින් සොයාගැනේ

jungle girl found India - 1

රඩ්යාඩ් කිප්ලිං ලියපු Jungle Book කතාවේ ‘Mowgli’ නමැති දරුවාව ලොකුමහත් කරන්නේ වෘකයන් රැළක්.

ඊට සමාන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දීය – නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක ඉඳල අවුරුදු 8 ක විතර ගැහැණු ළමයෙක් හම්බවෙලා.

මේ දැරියව සොයගත්දී ඇය ඉඳල තියෙන්නේ නිරුවතින්.

මේ දැරියව බොහොම අමාරුවෙන් අල්ලාගෙන කැලෙන් එළියට අරන් ඇවිත් තියෙන්නේ මේ දැරියගේ දැඩි විරෝධය මතයි.

ඒ වගේම වඳුරු රැළකුත් මේ ගැහැණු ළමයව කැලෙන් එළියට ගෙනියන්න නොදී ඉන්න ලොකු වෙහෙසක් අරන්.

මේ දැරිය හැසිරෙන්නේ වඳුරෙක් වගේ.

ගාත් සතරෙන් ගමන් කරන, වඳුරෙකු වගේ කෑ ගහන මේ දැරිය, රෝහලට ගෙනාවට පස්සේ දීපු පිසූ ආහාරත් ඇය ප්‍රතික්ෂේප කරලා.

මේ දැරිය හැසිරෙන විදිහ අනුව ඇය යන්තම් තේරෙන වයසක ඉඳන්ම ජීවත්වෙලා තියෙන්නේ වඳුරෝ එක්ක කියලයි මේ වෛද්‍යවරු කියන්නේ.

හැබැයි කතාබහ කරන්න ඉගෙනගන්න තරමේ කුඩා දැරියක් තනියම කැලයක දිවි බේරාගෙන හිටිය කියල හිතන්න අමාරු නිසා වඳුරෝ ඇයව රැක බලාගන්න ඇති කියලත් වෛද්‍යවරු කියනවා.

ඒ වගේම මේ දැරියව ආයෙත් මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙන්න පුරුදු කරන්න හුඟක් කල් යයි කියලත් වෛද්‍යවරු කියනවා.

මේ දැරිය කවුද කියල තවම හොයාගෙන නැහැ.



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වඳුරකු සේ හැසිරෙන අවු 8 ක දැරියක් නිරුවතින් සිටියදී කැළයකින් සොයාගැනේ"

    Post a Comment