21 April, 2017

අත්පා ගැටගැසූ ළමුන් දෙදෙනකු හමුවෙයි – ආහාරපාන කිසිවක් නෑ – මල මුත්‍රාත් එතැනම – කතරගමින් ඇසෙන සංවේදි කතා පුවත (PHOTOS)

children-tied-limbs-Kataragama

කතරගම නාගහවීදිය ගම්මානයේ යාල වන උද්‍යානයට ආසන්න හුදකලා වු ප‍්‍රදේශයක එළි මහනේ අත්පා ගැටගසා සිටි පිරිමි හා ගැහැණු ළමුන් දෙදෙනකු ඊයේ ( 20) වැනි දින කතරගම රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක ශ‍්‍රාස්ත‍්‍රපතිශ්‍රිඅභිණවාරාම විහාරාධිපතිවහන්සේට ලැබුණු තොරතුරක් මත සොයා ගන්නා ලදී.

වයස අවුරුදු 09 ක් පමණ වන වයසේ පිරිමි දරුවෙකු හා වයස අවඅරුදු 17 ක් තරමේ වයසින් යුතු ගැහැණු ළමයකු ගසක හා කනුවක රෙදි කඩවලින් බැද දමා තිබු අයුරු දැක ගත හැකි වු අතර මෙම දරුවන් අවුරශ්මියට හසු වී දැඩි ලෙස විඩාවට පත්ව සිටියහ.

ළමුන් පිලිබදව ප‍්‍රදේශවාසීින් ශ‍්‍රාස්ත‍්‍රපති කපුගම සරණ තිස්සහිමියන් වෙත කරන ලද තොරතුරක් මත ඊයේ දින කතරගම පොසියේ නිළධාරීන් හා එක්ව මෙම නිවස වෙත ගොස් දරුවන් අසරණ ව සිටි අයුරු දැක ගතහැකිවිය.

මෙම දරුවන් ගැටගැසු තැනම මල මුත‍්‍රා කර තිබුණු අතර කිසිදු ආහාරයක් හෝ ජල බෝතලයකවත් මෙම දරුවන්ට බීමට ගැටගැසු ස්ථානයේ නොතිබුණි.

මෙම දරුවන්ගේ පියා මිය ගොස් ඇති අතර මව තවත් අංග විකල ගැහැණු දරුවෙකු පුජා භුමියට රැගෙන ගොස් සිගමන් යොදවමින් පසුවේ.

අසල් වාසීින් පැවසුවේ වසර ගණනාවක් පුරා මෙම දරුවන් මේ අයුරින් සෑම දිනකම ගැටගසා සිය මව අනිත් දරුවා සමග පුජා භුමිය සිගමන් යෙදීිමට යොදවන බවයි.

මෙම දරුවන්ගේ මව නිතරම බීමත්ව සවසට පැමිණ මෙම දරුවන්ට පහර දෙන බව ප‍්‍රදේශවාසීන් පවසතිි.

මෙම දරුවන්ගේ මව කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඇය පැවසුවේ තම සැමියා මිය ගොස් ඇති බවත් දරුවන් මන්ද බුද්ධික බැවින් ළමා නිවාසයකටවත් බාර නොගැනීම මත අනිත් දරුවා සමග පුජා භුමියට ගොස් සිගමන් යෙදීි මෙම දරුවාට කෑම සොයා දෙන බවයි.

මෙය සම්බන්ද කතරගමපොලිසියට විටින් විට පැමිණ මෙම මවට හා ඇයගේ අනියම් සැමියට මෙම දරුවන් පිළිබදව නිසි රැකවරණය ලබා දෙන ලෙස කතරගම පොලිසියේ ළමා හා කාන්තා අංශය විසින් උපදෙස් දීි තිබේ.

මෙම දරුවන් දෙදෙනාට අමතරව තවත් අවුරුදු 18ක පමණ ගැහැණු දරුවෙකු ද මෙම මව විසින් අංක 02 පාළම අසළ හිදවා සිගමන් යොදවන අතර එම ගැහැණු දරුවා සමග ගස් වල බැද සිටි දරුවන් දෙදෙනාද කතරගම පොලිසිය විසින් මවත් සමග නීතිය ක්‍රියා කිරීම පිණිස රැගෙන යනු ලැබීය. - nethgossip

Video Hiru

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අත්පා ගැටගැසූ ළමුන් දෙදෙනකු හමුවෙයි – ආහාරපාන කිසිවක් නෑ – මල මුත්‍රාත් එතැනම – කතරගමින් ඇසෙන සංවේදි කතා පුවත (PHOTOS)"

    Post a Comment