21 April, 2017

ශාන්තිකර්මය මැද 70 හැවිරිදි පුද්ගලයෙක් මියයන ආකාරය සජීවීව කැමරාගත වූ හැටි

Live recorded man dead

ශාන්තිකර්මයක් අතරතුර ඇතිවූ හෘද්‍යාබාධයක් හේතුවෙන් රෝහල්ගත කරන අතරතුර දී පුද්ගලයෙක් මරණයට පත්වූ පුවතක් මාතරින් වාර්තා වනවා.

මාතර, හිත්තැටිය, ප්‍රදේශයේ පදිංචිව 70 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

ප්‍රදේශවාසීන් සඳහන් කලේ අදාල පුද්ගලයා රෝගී වූ අවස්ථාවේම රෝහල් ගත කලේනම් ජීවිතය බේරාගත හැකිව තිබූ බවයි.

අදාල පුද්ගලයා අප්‍රාණිකව ඇද වැටීමෙන් පසුව දුම් ගසමින්, මන්ත්‍ර ජප කරමින් සිට තිබෙනවා.

කෙසේ වෙතත් මෙට්ටයක් මත තබාගෙන සිටි රෝගියා වෙත විනාඩි 10ක පමණ කාලයකින් පසුව අවධානය යොමුකර ඇති අතර පසුව ඔහු රෝහල්ගතකර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ රෝහල්ගතකරන විටත් රෝගියා මියගොස් සිටි බවයි.

එම අවස්ථාවේ දර්ශන පහතින්.

අති සංවේදී දර්ශන සහිතයි.



(Hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශාන්තිකර්මය මැද 70 හැවිරිදි පුද්ගලයෙක් මියයන ආකාරය සජීවීව කැමරාගත වූ හැටි"

    Post a Comment