21 October, 2016

'මේක්අප්' නැති බිරිඳගේ රුව දැක සැමියා හොල්මන් වෙයි – මාස ගණනක් තිස්සේ ආලේපන වලින් රවටලා

'මේක්අප්' නොමැතිව රුව දැකීම හේතුවෙන් සිය බිරිඳව දික්කසාද කළ සැමියෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය අණාවරණය කරනවා.

අරාබි ජාතික කාන්තාවක් 
මෙලෙස දික්කසාදයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

34 හැවිරිදි හා 29 හැවිරිදි මෙම අඹුසැමි යුවල 
විවාහ වී දෙදිනකට පසු නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි හි අල් මම්සාර් වෙරළ තීරයට ගොස් තිබෙනවා.

එහිදී මොවුන් මුහුදේ දිය ස්නානය කොට ඇති අතර ගොඩට පැමිණි සැමියාට දැක ගත හැකිව තිබෙන්නේ 'මේක්අප්' ඉවත්වී ඇති බිරිඳගේ මුහුණයි.

අනතුරුව ඔහු සිය බිරිඳට පවසා ඇත්තේ ඇයගේ අවලස්සන මුහුණ ඒ මොහොතේ තමාට හඳුනාගැනීමට හෝ නොහැකි වූ බවයි.

'මේක්අප්' නොමැති ඔහු ඇයව දැක තිබූ පලමු වතාව මෙය මෙය වන අතර විවිධ ආලේපන තුලින් තමාව රැවටූ බව පවසා මෙම සැමියා ඇයව එම මොහොතේම දික්කසාද කොට තිබෙනවා.

විවාහයට මාස 6කට පෙර මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගත් බවත්, කාන්තාව විසින් රූපය අලංකරණය කර ගැනීම සඳහා විවිධ සැත්කම් පවා කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

කෙසේ වෙතත් දික්කසාදයට ලක්වූ කාන්තාවගේ මානසික තත්වය ඉහළ නැංවීම සඳහා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි වර්තාවන්නේ.

girl-makeup

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'මේක්අප්' නැති බිරිඳගේ රුව දැක සැමියා හොල්මන් වෙයි – මාස ගණනක් තිස්සේ ආලේපන වලින් රවටලා"

    Post a Comment