14 April, 2017

වර්ණ අහිමි කර නොගැනීමට: Alike කෙටි චිත්‍රපටය නරඹමු (Video)

Alike-cartoon

උපන්දා පටන් ඒකාකාරී ජීවන රටාවක කොටු වන අපගේ ජීවිත අළු පැහැයට හැරවෙන්නේ නොදැනුවත්වමයි.

කොටු කර ඇති රාමුවෙන් පිටතට පිවිස ලෝකය දකින්නට අවැසි වුව ද සමාජය විසින් අප කැඳවාගෙන යාමට උත්සහ දරන්නේ ද එකී යාන්ත්‍රික ලෝකය වෙතටමයි.

නිමා නොවන ජීවන චක්‍රය තුළ මෙසේ සිරකරුවෝ ලෙස කෙතෙක් කල් අප ජීවත් වෙමුද?

එකී සිරගත කළ සිතිවිලි තුළින් බැහැරට පිවිස, අපට අප දෙසම විවෘත මනසකින් බලන්නට උනන්දු කරවන නිර්මාණයක් ලෙස ”අලයික්” කෙටි සිනමා පටය හඳුන්වන්නට පුළුවන්.

ඩැනියල් මාර්ටීනේ ලාරා සහ රෆා කානෝ මෙන්දේ දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් යුතු ”අලයික්” සම්මාන 64ක් තමන් සතු කර ගැනීමට සමත්ව සිටී.

මිනිසෙකුගේ ජීවිතය තුළින් නිර්මාණශීලීත්වය ඉවතට ඇද දැමූ පසු ඉතිරි වන යාන්ත්‍රික ගති පැවතුම් මිනිසා හුදෙක් අළු පැහැති ජීවියකු බවට පත් කරයි. මෙකී යථාර්ථය විනාඩි හතක කෙටි කාලයක් තුළදී අප ඉදිරියේ දිග හැරීමට ”අලයික්” උත්සාහ දරා ඇත.

එසේම දෙමාපියන් ලෙසින් දරුවන් හමුවේ ඔබ කෙතරම් සාධාරණ අයුරින් ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳව ද දරුවන්ට ඔවුන්ගේ ජීවිතය විඳීමට ඉඩ සැලසීම පිළිබඳව ද දෙවරක් සිතීමේ ඉඩකඩක් මෙම සිනමා නිර්මාණකරුවෝ ලබා දෙති.

වර්ණ අහිමි කර නොගැනීමට යන තේමාවත් සමඟ අප අතරට පැමිණෙන මෙම කෙටි සිනමා පටය නැරඹීමට ඔබේ කාලයෙන් විනාඩි හතක් වැය කිරීම කාලය අපතේ හැරීමක් නොවනු ඇත.



(radiogagana)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වර්ණ අහිමි කර නොගැනීමට: Alike කෙටි චිත්‍රපටය නරඹමු (Video)"

    Post a Comment