18 April, 2017

ටයිටස් තොටවත්ත වෙනුවෙනි

Titus Thotawatta

ටයිටස් තොටවත්ත නොහෙත් අපි ආදරයට කියන ටයිටස් මාමා ජීවත්ව සිටියා නම් ඔහු සමරන්නේ (1929 අප්‍රේල් 17) 88 වැනි උපන්දිනයයි.

ඔහු තිරයේ පිටුපස සිට ළමා ලෝකයට වීරයෙක් වුණු කෙනෙක් කිව්වොත් නිවැරදිය.

ටයිටස් තොටවත්ත මහතා 1929 අප්‍රේල් මස 17 වැනිදා උපන්නේය. ටයිටස් තොටවත්තයන්ගේ මුල නම දොන් ඵන්මානුවෙල් ටයිටස් ද සිල්වා‍ය.

පස්දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු ටයිටස්ට වැඩිමහල්ව සහෝදරයන් දෙදෙනකු විය. ඔහු 2011 වර්ෂයේ ඔක්තෝම්බර් 15 වැනිදා මෙලොවින් සමුගත්තේය.

දොස්තර හොඳහිත, කාටූනය සඳහා කවුරුත් ආදරය කරනු ලබයි. එහි අදටත් කට පාඩම් වාක්‍යයක් වන්නේ, මුහුද මගේ ගොඩබිමයි නැව මගේ නිවසට සමයි, කියන වචන පෙලය. එකල ළමා කාලයක් තිබූ බොහෝ දෙනාගේ ආදරණීය කාටූනයක් වූ මෙය අදටත් බොහො දෙනාව ළමා කාලය වෙත ගෙනයනු ලබයි. එමෙන්ම ගලිවර්ගේ සුවිසැරිය, පිස්සූ පූසා, හා හා හරි හාවා, යන කාටූනයන් අදටත් බොහෝ දෙනා ප්‍රිය කරනු ලබයි.

ළමා වැඩසටහන් මෙන්ම ප්‍රවීණ සංස්කරණ ශිල්පියකු ලෙසින් රේඛාව ඇතුළු වෘත්තාන්ත චිත්‍රපට 24 ක් පමණ ඔහුගේ අතින් සංස්කරණය විය.

එමෙන්ම කවුද හරි, හාර ලක්‍ෂය, සාගරිකා, සිහසුන, මංගලා, මරුවා සමඟ වාසේ සහ හඳයා චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරමින් කුඩා දරුවන් මෙන්ම ලාංකේය සිනමා රසිකයන් ඔහුගේ නිර්මාණවලින් පෝෂණය ලැබීය.

රූපවාහිනී මාධ්‍යය උදෙසා ටයි මහතා ගෙන් සිදු වූ සේවය ඉමහත්ය. ‘රන් කහවනු, පින්මඳ පුතුන්, මුසාවාද (රූකඩ වැඩසටහන) සහ තවත් නිෂ්පාදන රාශියක් ඔහු අතින් නිම විය.







(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටයිටස් තොටවත්ත වෙනුවෙනි"

    Post a Comment